මෙක්සිකෝ රාජ්‍යයේ නිදහස් දින උත්සවයට සහභාගි වීම සඳහා නිල සංචාරයකට එරට බලා පිටත්ව ගොස් සිටි ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න පෙරේදා (19) යළි මෙරටට පැමිණ තිබේ.
යළි ශ්‍රී ලංකාවට පැමිණි අද්මිරාල් රවීන්ද්‍ර ඊයේ (20) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයට පැමිණ සිය රාජකාරි කටයුතු අරඹා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය මගින් පසුගිය 10 වැනිදා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද්මිරාල් රවීන්ද්‍ර විඡේගුණරත්න මහතා කැඳවා තිබූ අතර එදින අලුයම ඔහු මෙක්සිකෝ සංචාරයට පිටත්ව ගොස් තිබිණි.
ඔහු එම සංචාරයට පිටත්ව ගොස් තිබුණේ සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිල අවසර ලබා ගැනීමෙන් පසුවය.
මෙක්සිකෝ ගිය අද්මිරාල් රවීන්ද්‍ර යළි රාජකාරියට එයි
