ජනෙත් විමල යස්‌මින් සුකාව කොර කරයි…. ප්‍රතිචාර දැක්‌වීමට ද්‍රවිඩ කාන්තාවකට පවරයි!

ජනෙත් විමල යස්‌මින් සුකාව කොර කරයි…. ප්‍රතිචාර දැක්‌වීමට ද්‍රවිඩ කාන්තාවකට පවරයි!
Spread the love

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කළ හිටපු එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා ඊයේ බරපතළ අසීරුතාවකට මුහුණ පෑවාය.

ඒ ඉන්දීය සාම හමුදාව යාපනය මහ රෝහලට ප්‍රහාර එල්ල කිරීම ගැනත් වැල්වැටිතුරේ ගම්මානයම එම්. අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් මගින් වැනසූ බව ඔබ දන්නේදැයි හිටපු විශේෂ කාර්ය බළකා නිලධාරි ජනෙත් විමල ඇගෙන් ප්‍රශ්න කිරීම නිසාය.

නුඹ ඇයි එම ප්‍රහාර යුද අපරාධ ලෙස හඳුන්වන්නේ නැත්තේ යෑයි ජනෙත් විමල කෑගසා විමසූ විට ඇය නිහඬ වූවාය.

එහෙත් විමලගේ ප්‍රශ්නයට නිහඬ වූ සූකා ඊට ප්‍රතිචාර දැක්‌වීම මුලතිව් සිට පැමිණි ද්‍රවිඩ කාන්තාවකට පැවරුවාය.

ඉන්දීය සාම හමුදාවට එරෙහිව කිසිදු ප්‍රකාශයක්‌ කිරීමට යස්‌මින් සුකා මැලිවිය.

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් හතළිස්‌ දහසක්‌ ඝාතනය කළ බවට චෝදනා එල්ල කළේ යසමින් සුකායි.