මන්නාරම් සතොස ගබඩා භූමියේ දැනට සොයාගත් ඇටසැකිලි 148 අතුරින් කුඩා ළමා ඇට සැකිලි 17ක්

මන්නාරම් සතොස ගබඩා භූමියේ දැනට සොයාගත් ඇටසැකිලි 148 අතුරින් කුඩා ළමා ඇට සැකිලි 17ක්
Spread the love
අද (02) උදෑසන වන විට මිනිස් ඇටසැකිළි 148 ක් හමු වී ඇතැයි මන්නාරමේ සතොස ගබඩාව අසලින් සොයාගත් සමූහ මිනී වළේ කැණීම් කටයුතු බාරව සිටින මහාචාර්ය රාජ් සෝමදේව පැවසයි.
මෙම මිනිස් ඇටසැකිළි 148 හමු වී ඇත්තේ සතොස තොග ගබඩාව අසල වූ සමූහ මිනී වළේ මීටර් 12 ක් දිග මීටර් 8 ක් පළල වූ කොටසකින් බවත් දැනට හමු වී ඇති මෙම මිනිස් ඇට සැකිළි 148 අතර කුඩා ළමයින් 17 දෙනෙකුගේ ඇටසැකිළි අයත් බවද කැණීම් බාර නිලධාරීන් කියා සිටියි.
කැණීම් බාර නිලධාරීන් තවදුරටත් කියා සිටින්නේ මෙම සමූහ මිනී වළේ කැණීම් කටයුතු අවසන් කිරීම සඳහා ගතවන කාලය පිළිබඳව ස්ථිර යමක් ප්‍රකාශ කිරීමට තවමත් නොහැකි බවයි.