සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නිදහස් කර ගැනීම වෙනුවෙන් රජයට බල කිරීම සඳහා මහා සංඝරත්නය ඇතුළු ගිහියන් විසින් අද (04 ) පෙරවරු 11.00 ට කැලණිය රජමහා විහාරස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා දැවැන්ත පා ගමනක් සංවිධානය කර ඇත.
ඒ අනුව කැලණිය රජමහා විහාරස්ථානයේ සිට කොළඹ කොටුව බෝධිය තෙක් මෙම පා ගමන පැවැත්වෙන අතර කොටුව බෝධිය අසලදී සත්‍යග්‍රහයක් සිදුකිරීමටද නියමිතය.
බොදු බල සේනා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන රැසක් මෙම පා ගමන හා සත්‍යග්‍රහය සංවිධානය කර ඇති අතර ඒ සඳහා භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක්ද එක්වීමට නියමිතය.