දූෂණ චෝදනා ලැබූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ලී මුන් බැක් වසර පහළොවකට සිරගත කර තිබේ.
එසේම ඔහුට බොන් බිලියන දහතුනක දඩයක්‌ද අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා පවසන්නේ ඔහුට එරෙහි චෝදනා දේශපාලන වශයෙන් නිර්මාණය කළ ඒවා බවයි.
සිරදඬුවම් ලැබූ හතරවැනි දකුණු කොරියානු නායකයා ඔහුය.
ඔහුට පසු එරට ජනාධිපතිනිය වූ පාක් හෙන්හේ පසුගිය අප්‍රේල් මාසයේ දී 33 වසරකට සිර දඬුවම් ලැබුවාය.
හිටපු ජනපති වසර 15කට හිරේ
