පාර්ලිමේන්තු සබා ගැබ තුළ පසුගියදා මන්තී‍්‍රවරුන් අතර ඇතිවූ ගැටුමේදී හානියට පත් දේපළ පිළිබඳ තක්සේරු කිරීමට ඊයේ (21) පැමිණි රක්‍ෂණ කණ්ඩායම එම කාර්යය පාර්ලිමේන්තුවට පවරා පිටව ගොස් ඇත.
අදාළ රක්‍ෂණ සමාගමෙන් පැමිණි නියෝජිතයා හානියට පත් දේපළ පිළිබඳ විමසා හානියටපත් දේපළ ලබාගත් සමාගම මගින් ඊට අදාළ තක්‌සේරු වාර්තා ලබාගත යුතු බවට පෙන්වා දුන් බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ඊයේ (21) ප්‍රකාශ කළේය.
හානියට පත් දේපළ පිළිබඳ තක්‌සේරු වාර්තා එම දේපළ මිලට ගත් සමාගමෙන් ලබාගෙන ඒවා රක්‍ෂණ සමාගම වෙත ඉදිරිපත් කරන ලෙසට අදාළ නියෝජිතයා පැවැසූ බවද ඉහත නිලධාරියා පැවැසුවේය.
ඒ අනුව අදාළ ආයතන මගින් හානියට පත් දේපළ පිළිබඳ තක්‌සේරු වාර්තා කැඳවීමට ඉදිරියේදී කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
හානියට පත් උපකරණ සම්බන්ධව රක්‍ෂණ ආවරණය සඳහා මුදල ලබාදෙන ලෙසට කරන ලද ඉල්ලීම අනුව එම නියෝජිතයන් ඊයේ පැමිණ ඇත.
පාර්ලිමේන්තුව හෙට (23) රැස්‌වන අතර ඊට පෙර සභා ගැබේ හානියට පත් දේපළ යථා තත්ත්වයට පත් කිරීම අපහසු වනු ඇතැයිද ඉහත නිලධාරියා කීවේය.