රථවාහන ‍පොලිස්පතිගේ වාහනයත් අනතුරක

රථවාහන ‍පොලිස්පතිගේ වාහනයත් අනතුරක
Spread the love

රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව බස්නාහිර දිසාව භාර හා හිටපු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය ‍පොලිස්පති අජිත් රෝහණ මහතා අනුරාධපුර පූජා නගරයේ ශ්‍රී මහා බෝධි මාවත හරහා දහවල් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ පිටුපස ත්‍රිරෝද රථයක් හැපීමෙන් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ රථයට බරපතළ හානි සිදුවූ බව අනුරාධපුර ‍පොලීසිය පවසයි.

අජිත් රෝහණ මහතා ජය ශ්‍රී මහ බෝධිය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී ශ්‍රී මහා බෝධි මාවතේදී යාචකයන් පිරිසකට දහවල් ආහාරය ලබා දීම සඳහා මෝටර් රථය මාර්ගය අයිනේ නවතා තිබියදී රථය පිටුපසින් නතර කර තිබූ ත්‍රිරෝද රථයක බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථය ඉදිරියට ඇදීගොස් නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාගේ මෝටර් රථයේ පිටුපස ගැටී අනතුර සිදුව ඇති බව ‍පොලීසිය පවසයි.

ත්‍රිරෝද රථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ රියැදුරු හට රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව ‍පොලීසිය පවසන අතර සිදුවූ අනතුරින් රථවාහන තුනටම අලාභ සිදුවූ අතර ඉන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බව අනුරාධපුර ‍පොලීසියේ රථවාහන අංශය පවසයි.