අනතුරුදායක යතුරුපැදි ධාවකයින් 32 කට 7 ලක්ෂයක දඩයක්

අනතුරුදායක යතුරුපැදි ධාවකයින් 32 කට 7 ලක්ෂයක දඩයක්
Spread the love

පිළියන්දල, ජාලියගොඩ අතුරු පිවිසුම් මාර්ගයේදී ඉකුත් 10 වෙනිදා අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ යතුරුපැදිකරුවන් 32 දෙනෙක් එම වරද පිළිගැනීමෙන් පසු රු. 737,000 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.

මෙම සිදුවීමට පිළියන්දල පොලිසිය විසින් යතුරුපැදිකරුවන් 32ක් හා යතුරුපැදි 14ක් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉදිරිපත් කළ චෝදනා අනුව යතුරුපැදිකරුවන් 15 දෙනෙකුට රු. 24500/- ක්, 13 දෙනෙකුට රු. 21500/- බැගින් හා අනෙක් සිවුදෙනාට රු. 22500/- බැගින් දඩ නියම කර තිබෙනවා.