මාධ්‍ය ආයතන වටලා බලපෑම් කරන කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග‍්‍රහය..?

මාධ්‍ය ආයතන වටලා බලපෑම් කරන කණ්ඩායම් සදහා රාජ්‍ය අනුග‍්‍රහය..?
Spread the love

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවට තොරතුරු දැන ගැනීමට අයිතියක් ඇත. ජනතාවට තොරතුරු ලබා දීම සිදුකරනු ලබන්නේ ජනමාධ්‍ය මගිනි.එම ආයතනවලට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම රජයේ යුතුකම විය යුතුය

එහෙත් මෑතක සිට පවතින රජයේ දූෂණ අක්‍රමිකතා පිළිබදව ජනතාවට තොරතුරු ලබා දෙන මාධ්‍ය ආයතන මෙල්ල කිරීමේ උත්සහයක වර්තමාන රජය නිරතවන බව අපට පෙනී යන කාරණයකි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත දී රජයේ පාර්ශව විසින් සමහර මාධ්‍ය ආයතන මර්ධන කිරීම සදහා විවිධ   ප්‍රකාශ  නිකුත් කරනු ලබන බව අපහට පෙනීයයි.

සමහර කණ්ඩායම් විසින් මාධ්‍ය ආයතන ඉදිරිපිට විවිධ විරෝධතාවල නිරත වන බවද අපහට දැක ගැනීමට ලැබුණි.

සිවිල් සංවිධාන ලෙස හදුන්වා ගත් පිරිසක් මාධ්‍ය ආයතන කිහිපයක් ඉදිරියේ මාධ්‍යට කරන ලද බලපෑම අප සංවිධානය තරයේ හෙළා දකින අතර එම කණ්ඩායම් මෙහෙයවන ලද්දේ කවුරුන් යන්න පිළිබදව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීමට රජය අපොහොසත් වන්නේ නම් මෙරට මාධ්‍ය ආයතන මර්ධනය කිරීම සදහා රජය විසින් අනුබල ලබ‌ා දෙන බවට චෝදනා කිරීමට අපහට සිදුවේ.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය