කොන්ක්‍රීට් කණුවක් පාසැලේ දී හිස මත කඩා වැටීමෙන් මිය ගිය පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක සිසුවා අනාගතයේදී හොඳ පුරවැසියකු වන බවට සිහින දකිමින් සිටි බව ඔහුගේ මිතුරු මිතුරියන් හඬා වැටෙමින් පැවසූහ.
මියගිය සිසුවාගේ දේහය දේවහුව බුදුගේහින්න ප්‍රදේශයේ එම සිසුවා ගේ මිත්තණියගේ නිවසේ තැන්පත් කොට තිබේ.
එම සිසුවා ගේ නිවසට යන්නට එන්නට පාරක් නොමැති හේතුවෙන් මිත්තණියගේ නිවසේ දේහය තැන්පත් කර තිබූ බව ඥාතීහු පැවසීය.
එම ඥාතීන් ද කියා සිටියේ තමන්ගේ ගම්මානයට යෑම සඳහා පාලමක් සාදා ගැනීම තම අරමුණ බවට ඔහු ජීවත්ව සිටියදී සඳහන් කළ බව ප්‍රදේශවාසීන් පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැකිරාව කලාපයේ බුදුගේහින්න මහා විද්‍යාලයේ ක්‍රිඩා කරමින් සිටියදී විද්‍යාලයේ ක්‍රිඩාපිටිය ආසන්නයේ ඉදිකරමින් තිබූ ක්‍රීඩා මණ්ඩපයක කොන්ක්‍රීට් කණුවක් හිස මත කඩා වැටීමෙන් පසුගියදා මෙම සිසුවා ජීවිතක්ෂයට පත්විණි.
සිසුවාගේ දේහය මත ඔහු පාසලේදී පාවිච්චි කළ අත් ඔරලෝසු හිස්වැසුම පාසල් ටයි පටිය මෙන්ම ඔහු මිතුර මිතුරියන් සමඟ ආහාරයට ගන්නා චොකලට් කිහිපයක් ජයග්‍රහණ ලැබූ කුසලාන ඔහුගේ සිරුර මත තබා තිබීම විශේෂත්වයකි.
මියගිය සසිඳු සිසුවාගේ පියා වන ජගත් ධම්මික කරුණාතිලක මහතා මේ වන විට සිහි විකල්ව තම පුතු නැති සොවින් පුතුගේ ඡායාරූපයක් බදාගෙන හඬා වැටෙමින් සිටින බව වාර්තාකරු පැවසීය.
සිසුවාගේ මව ජේ .පී. නිමන්කා කුමාරි ජයලත් මහත්මිය බාල පුතණුවන් තුරුළුකරගෙන නිතර නිතර සිහිසුන්වීමෙන් ඇඳක් මත වැතිරී සිටි සිටින බවද වාර්තා වෙයි.
එම පවුලේ බාල දරුවා වර තුන වසරේ ඉගෙන ගන්නා සසිඳු නිෂාන්ගේ මලනුවන් පමණක් මළ සිරුර ආසන්නයේ රැඳී සිටියේ කිසිවක් නොදන්නා සේය.
මෙම සිසුවාගේ නිවසට පැමිණ සිටි සිසුවා ගේ පන්තියේ මිතුරියක වන මල්කි සුභාෂිනි මෙන්ම හර්ෂණී වික්‍රමසිංහ යන සිසුවියන් කියා සිටියේ සසිඳු විද්‍යාලයේ දක්ෂතම සිසුවෙකු බවත් ඔහු විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු බවය.
එමෙන්ම ඔහු නිතර තම මිතුරු මිතුරියන්ට අවවාද අනුශාසනා ලබා දුන්නේ රැකියාවක් කරණ සිහිනය නොව හොඳ මිනිසෙකු වීම ඉලක්ක කරගන්නා ලෙසය.
කෙසේවෙතත් මියගිය සසිඳු සිසුවාගේ අවසන් කටයුතු 12 දින බුදුගේහින්න පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව ඥාතීන් පැවසීය.