සුනඛයින්ගෙන් මිනිසාට බෝවිය හැකි තවත් ලෙඩක් ගැන දැනුවත් කෙරේ – විවිධ ප‍්‍රදේශවල සුනඛයින්ගේ රුධිර සාම්පලද පරීක්ෂා කරයි

සුනඛයින්ගෙන් මිනිසාට බෝවිය හැකි තවත් ලෙඩක් ගැන දැනුවත් කෙරේ – විවිධ ප‍්‍රදේශවල සුනඛයින්ගේ රුධිර සාම්පලද පරීක්ෂා කරයි
Spread the love


සුනඛයින්ගෙන් මිනිසාට බෝවිය හැකි ‘‘ටි‍්‍රපනසෝමා’’ රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය ද සිය අවධානය යොමු කර තිබෙනවා.

විවිධ ප‍්‍රදේශවල සුනඛයින්ගේ රුධිර සාම්පලද මේ වනවිට පරික්ෂාවට ලක් කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මුලතිව් ප‍්‍රදේශයේ සුනඛයෙකුගේ ඇස්වල රෝගී තත්ත්වයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රෝගය මිනිසාට ද වැළඳීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දන්ගොල්ල පළමු වරට අනාවරණ කළා.

මෙම රෝගය වැළඳුනු සුනඛයිනගේ රෝග ලක්ෂණ සහ එය මිනිසාට වැළඳීමෙන් පසුව ඇතිවන වෙනස්කම් පිළිබඳවද මෙහිදී විස්තර කෙරුණා. 

සුනඛයින්ගෙන් බෝවන මෙම රෝගයෙන් මිනිස් ජීවිතවලට තර්ජනයක් නොමැති බවයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ.