පුත්තලමේ අතුරුදන් දැරිය සොයා විල්පත්තුවත් පීරයි

පුත්තලමේ අතුරුදන් දැරිය සොයා විල්පත්තුවත් පීරයි
Spread the love

පුත්තලම කරුවලගස්වැව නීලබැම්ම ගම්මානයේ අතරුදන් වූ දැරිය සොයා විල්පත්තු වනෝද්‍යානය තුළ ඊයේ(2) දා ද විශේෂ මෙහෙයුමක් සිදු කරන ලදී. එහෙත් ඊයේ දිනය තුළත් දැරිය පිළිබඳ කිසිඳු තොරතුරක් හෙළි කර ගැනීමට හැකි වී නොමැති බව වාර්ථා වේ

පොලීස් නිලධාරීන් සහ  සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු 200කට වැඩි කණ්ඩායමක් මෙම මෙහෙයුමට එක්ව සිටි අතර වනෝද්‍යානය තුළට කිලෝ මීටර් 09ක පමණ දුරක් ඔවුන්ගේ සෝදිසියට ලක්වූ බව වාර්ථාවේ.

දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇගේ මව සහ පවුලේ සෙසු පිරිස් විසින් වරින්වර පරස්පර විරෝධී තොරතුරු සැපයීම ද පරීක්ෂණවලට බාධාවක් වී ඇත. දැරියගේ පියා පවුල අතහැර ගොස් වෙනත් විවාහයක් කර ගැනීමට අපේක්ෂාවෙන් සිටින්නෙක් වන අතර මෙම දැරිය සිව්වන වියේ පසුවේ.