Fashion meets chocolate on Belgian catwalk for Salon du Chocolat
චොක්ලට් සහ විලාසිතා අපි බොහෝම කැමති දෙකක්. විවිධාකාර චොක්ලට් කන්න වගේම විවිධාකාර විලාසිතා කරන්නත් අපි කැමැතියි. ඒත් අපිට කවදාවත් චොක්ලට්වලින් කළ ඇදුම් විලාසිතා නම් කරන්න වෙන්නෑ. ඒකට හේතු පැහැදිලියිනේ.
ඒත් ලෝකේ කියන්නේ ලංකාව නොවන නිසා ලෝකයේ බොහෝ නගරවල චොක්ලට්වලින් කළ සුපිරි විලාසිතා දැක්මවල් වාර්ෂිකව පැවැත්වෙනවා. ඒ අතර බෙල්ජියමේ වාර්ෂිකව පැවැත්වෙන Fashion meets chocolate on Belgian catwalk for Salon du Chocolat සුවිශේෂී විලාසිතා ප්රදර්ශනයේ සියලු නිර්මාණ සිදු වන්නේ චොක්ලට්වලිනුයි. දින තුනක් පුරා පැවැත්වෙන මෙම විලාසිතා දැක්ම වෙනුවෙන් පසුගිය 14 වැනිදා චොකලට්වලින් නිර්මාණය කළ විලාසිතා 14ක් එක්කර තිබුණා.
මෙහි ඇතුළත් ඇතැම් විලාසිතා නිර්මාණය කිරීමට මාස පහක පමණ කාලයක් ගත වී ඇති බව සඳහන් වන අතර විලාසිතා සඳහා චොකලට් යොදාගැනීම අභියෝගාත්මක කාර්යයක් වූ බවයි නිර්මාණකරුවන් පවසන්නේ.















PICTURES BY FEMINA