





‘කේෂ කල්යානය’ කියන්නේ පංච කල්යාණියන්ට තිබිය යුතුම සුදුසුකමක්. ඒත් එදා කාලේ වගේ අද කිතුල්න් කෙස්කළඹක්, මොණරපිල් වැනි කෙස්කළඹක් දකින එක ‘හාවා හද දකිනවා’ වාගේ විරල දෙයක්. මෙවැනි තත්ත්වයක් තුළ වර්තමාන ලෝකයේ දිගින් වැඩිම කේශ කලාපය හිමි යෞවනිය ලෙස ගිනස් වාර්තාව පිහිටුවීමට ඉන්දියාවේ 17 හැවිරීදී නීලන්ෂී පටෙල් සමත් වුණා.
ඇගේ කෙස් වැටියේ දිග අඩි 6 අඟල් 2ක් හෙවත් සෙ.මී. 190ක් පමණ වන බව සදහන්.
තම කෙස්කළඹ පීරිම සඳහා දිනකට පැයක පමණ කාලයක් ගත වන බව නිලක්ෂි පවසනවා.
වයස 6දී රූපලාවණගාරයක දී ලද අමිහිරී අත්දැකීමක් නිසා තම දියණිය කොණ්ඩය වැවීම ආරම්භ කළ බවත් පසුගිය වසර 11 තුළ ඇය එවැනි ස්ථානයකට ගොස් නැති බවත් ගුප්රාට් ප්රශ්නයේ මෝදක නගරවාසී ඇගේ පියා සාඩම්බරයෙන් පවසනවා.
තමාට කෙස් කලඹ වැවීමට අවසර දීම පිළිබදව නිලන්ෂී සිය මවුපියන් හට ස්තුති කළා.
පාසල් මිතුරියන් ඇය අමතන්නේ ‘රපුන්සල්’ යන සුරතල් නාමයෙන්. Rapunzel යනු බටහිර සුරංගනා කතාවක හමු වන දිගු වරලසක් ඇති කුමරියකගේ චරිතය බව සදහන්.
ඉතිං, දැන් ඔන්න ෂැම්පු සමාගම්වලට පුළුවන් නිලක්ෂිව විකුණාගෙන කන්න.

Text by Thushadhavi