
ලංකාව ද ඇතුළු පෙරදිග රටවල ‘විවාහය’ කියන්නේ සංකීර්ණ බැඳීමක්. ජාති, ආගම්, කුලමල පමණක් නෙමෙයි උගත් – නූගත්, ධනය, බලය ආදී දහසකුත් එකක් කාරණා විවාහය සමග බද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ‘පවුලක් කන්න කසාදයක් බැඳගන්න එක අපේ වගේ රටවල්වලට ඒ තරම් පහසු නැහැ.

ඒ වගේම තමයි අපේ රටවල තවමත් පවතින විශ්වාසය වන්නේ ‘පවුල් විය යුත්තේ’ ගැහැනියක් සහ පිරිමියෙක් පමණක් බවයි. එයින් ඔබ්බට, අවම වශයෙන් දික්කසාද වූ, කන්‍යාවියක් නොවන කාන්තාවක් විවාහ කර ගැනීම පවා අපේ සමාජවල සැලකෙන්නේ ‘අවුලක්’ විදිහට.

ඉතිං, මේ තත්ත්වය තුළ සමලිංගික තරුණියන් දෙදෙනකු විවාහ වීමක් ගැන හිතන්න අපිට කවදාවත් නොහැකි වන බව සහතිකයි. (ඒත් ප‍්‍රායෝගික තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස්*
ඒත් මේ වන විට ලෝකයේ තත්ත්වය ලංකාවට වඩා බොහෝ දුර ගිහින්. වර්තමානය වන විට ලෝකයේ රටවල් රැුසක්, විශේෂයෙන් බටහිර රටවල් ‘සමලිංගිකත්වය’ නෛතිකව පිළිගන්නවා පමණක් නොවෙයි ‘සමලිංගික විවාහය’ පවා නීත්‍යානුකූලව පිළිගන්නවා.
මේ පසුගිය පෙබරවාරි 12 වැනිදා උතුරු අයර්ලන්තයේ සුවිශේෂ සිදුවීමක් සිදු වුණා. ඒ අයර්ලන්තයේ ‘ප‍්‍රථම සමලිංගික විවාහය’ සිදුවීමයි. මෙසේ ඓතිහාසික විවාහයකට පිවිසුණේ 26 හැවිරිදි රූමතියක වූ ‘රොබින් පීපල්ස්’ සහ 27 හැවිරිදි ‘ෂර්නි එඞ්ර්ඞ්’ නම් තරුණියන් දෙදෙනායි.

මෙම විවාහය සිදු වුණේ උතුරු අයර්ලන්තයේ ‘ඇන්ට‍්‍රම් ප‍්‍රාන්තයේදීයි.
මේ අසිරිමත් අවස්ථාව ගැන අදහස් දක්වමින් රොබින් – ෂරින් යුවළ ප‍්‍රකාශ කළේ ‘මැරෙණ තුරා සතුටින්… ප‍්‍රීතියෙන් සහ එකට ජීවත් වීම තම අරමුණ බවයි.

මේ ඓතිහාසික විවාහය ගැන සඳහන් කරන බටහිර මාධ්‍ය වාර්තාවලට අනුව රොබින් – ෂර්නිගේ පෙම් සබඳතාව වසර හයක් පමණ ගතවන අතර ඔවුන් තම විවාහයට නීත්‍යානුකූල අවසරය ලැබෙන තෙක් ‘එකට ජීවත්වී’ තිබෙනවා. ඒ සමග තවත් සුවිශේෂ කරුණක් ද මාධ්‍ය වාර්තාවල සඳහන් ඒ ‘රොබින් – ෂරිනි තම පෙම් සබඳතාවයේ 6 වැනි වර්ෂපූර්ණය සමරන දිනම නීත්‍යානුකූල විවාහයට ඇතුළත් වීමයි.