ගැබ්ගෙළ පිළිකාව ‘ HPv එන්නත’ ගැන ඔබ කොතරම් දැනුවත් ද ?

ගැබ්ගෙළ පිළිකාව ‘ HPv එන්නත’ ගැන ඔබ කොතරම් දැනුවත් ද ?
Spread the love

නව යොවුන් දැරියන්ට ලබාදිය යුතුමයි
බහුවිධ අඹුසැමි සම්බන්ධතා පවත්වන කාන්තාවට ඉතා වැදගත්

ලංකාව ඇතුළු ලොව බොහෝ රටවල මැදිවියේ කාන්තාවන්, ඒ කියන්නේ වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන් අතර බහුල වශයෙන් දක්වන ලැබෙන පිළිකා වර්ගයක් ලෙස ‘ගැබ්ගෙළ පිළිකා’ සැලකෙනවා. වෛද්‍යවරුන් කියන ආකාරයට ලංකාවේ කාන්තාවන් අතර බහුලම පිළිකා අතර ‘දෙවැනි තැන’ හිමිවන්නේ ගැබ්ගෙළ පිළිකාවටයි. එම නිසා මේ ගැන අපේ කාන්තාවන් නිසි පරිදි දැනුවත් විය යුතු බවයි ‘වතුපිටිවල මූලික රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය පවසන්නේ.

‘මෙහි ඇති විශේෂත්වය තමයි ගැබ්ගෙළ පිළිකාවට ගොදුරු වන සමහර රෝගීන්ගේ මෙම පිළිකාව ඉක්මනින් වර්ධනය වෙනවා. ඒත් සමහර රෝගීන් මෙම පිළිකාවට ගොදුරු වුණත් එය පූර්ව පිළිකාවක් ලෙස හඳුනා ගැනීමට වසර 15-20 අතර දීර්ඝ කාලයක් ගත වෙනවා’ විශේ්ෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය සාකච්ඡුාවට ප‍්‍රවේශයක් ගැනීම සඳහා හොඳ ආරම්භයක් ලබා දෙමින් කිව්වා.

‘මෙය බරපතළ තත්ත්වයක් නේද ?’

‘ඔව්, ඉතාම බරපතළ තත්ත්වයක්. ඒත් එයට සාර්ථකම විසඳුම තිබෙන්නෙත් අපේ අතේම තමයි. අපි මේ පිළිකාව මුලින්ම හඳුනා ගැනීමට සමත් වුණොත් ප‍්‍රතිකාර මගින් සම්පූර්ණ සුවය ලබාගත හැකියි. ලංකාවේ තත්ත්වය ගතහොත් වසරකට ගැබ්ගෙළ පිළිකා රෝගීන් 800-1000 අතර පිරිසක් රෝහල් ගත වෙනවා. ඒත් කනගාටුවට කරුණ වන්නේ එසේ රෝහල් ගත වන්නේ පිළිකාව බරපතළ තත්ත්වයට වර්ධනය වූ අයයි. ඔවුන්ගේ ජීවිතය ගලවා ගැනීමට ඇත්තටම අසීරුයි. ඒ නිසා තමයි ගැබ්ගෙළ පිළිකාව ගැන විධිමත්, විද්‍යාත්මක දැනුවත් වීමයි අවශ්‍ය වන්නේ’

මේ පිළිකාව හැදෙන්නේ කොහොමද ?

ගැබ්ගෙළ පිළිකාවට මූලික වශයෙන් හේතු වෙන්නේ HPv (Human Papilloma Virus) නම් වෛරසයයි. මේ වන විට හඳුනා ගෙන ඇති ආකාරයට ගැබ්ගෙළ පිළිකාවලට ගොදුරු වූ රෝගීන්ගෙන් සියයට 80ක් මෙම වෛරසය නිසා රෝගයට ගොදුරු වූ අයයි. ඉතිරි සියයට 20 සඳහා වෙනත් හේතු බලපෑ හැකියි.

මෙහිදී අප දැනුවත් විය යුතු වැදගත්ම කරුණක් තිබෙනවා. එනම් ගැබ්ගෙළ පිළිකා ඇතිවන්නේ ‘ලිංගික සබඳතා’ නිසයි.

ගැබ්ගෙළ පිළිකාවේ රෝග ලක්ෂණ මොනවාද ? අපි එය හඳුනා ගන්නේ කොහොමද ?
්‍යඡුඩ වෛරසයට ගොදුරු වූ සමහර රෝගීන්ගේ බාහිර රෝග ලක්ෂණ මගින් එය හඳුනා ගත හැකියි. ඒත් ප‍්‍රශ්නය වන්නේ ඇතැමුන්ට එවැනි බාහිර රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒ සඳහා සැලකිය යුතු කාලයක් (වසර 15-20) ගත වෙනවා. වෛරසය කාලයක් තිබෙන විට ශ්ලේෂ්මල පටලවල ගැබ්ගෙළ ආශ‍්‍රිතව වෙනස්කම් ඇති වෙනවා. ඒ අනුව මෙම පිළිකාව හඳුනා ගන්නා අවස්ථා තිබෙනවා. එනම් වසර 10ක් පමණ ගත වූ විටයි. මේ වන විට රෝගියාගේ පෙන්වන්නේ පිළිකා තත්ත්වයකි. එවිට සුව කිරීම අපහසුයි’

ගැබ්ගෙළ පිළිකාව වළක්වන එන්නත

මෙහිදී විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය සඳහන් කරන්නේ ගැබ්ගෙළ පිළිකාව වළක්වා ගැනීම සඳහා ‘එන්නතක්’ හඳුන්වා දී ඇති බවයි.

‘මෙම එන්නත මගින් බලාපොරොත්තු වන්නේ HPv වෛරසයෙන් වැළකීමයි. එනිසා ලංකාව මෙම එන්නත 2017 වසරේ සිට ‘ජාතික ප‍්‍රතිශක්තිකරණ වැඩසටහනට’ ඇතුළත් කර තිබෙනවා. ඒ අනුව වැඩිවියට පත් වූ දැරිය පළමු ලිංගික සබඳතාව පටන් ගැනීමට පෙර මෙවැනි වෛරස ශරීර ගතවීමෙන් වළක්වා ගැනීම මෙම එන්නත මගින් අපේක්ෂා කරනවා’

මෙහිදී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක් තිබෙනවා. ඒ රජය විසින් මෙම එන්නත ලබාදීම ආරම්භ කළේ 2017 වර්ෂයේ සිටයි. ඒත් මෙරට පෞද්ගලික අංශය විසින් ඊටත් පෙර සිට මෙම එන්නත ලබාදීම සිදු කළා. වෙනත් රටවල් සම්බන්ධ තත්ත්වය ගතහොත් ලංකාවට වසර කිහිපයකට පමණ පෙර සිට රටවල් රැුසක් මෙම එන්නත ලබාදීම සිදු කළා. ඒ අනුව ඔවුන් වයස අවුරුදු 9-10 වයස්වල සිටින ‘යොවුන් දැරියන්ට’ මෙම එන්නත ලබා දුන්නා.

මෙම එන්නත ලබා දෙන්නේ කාටද ?

ලංකාවේ නම් මෙම එන්නත ලබා දෙන්නේ අවුරුදු 09-13 වයස් කාණ්ඩයේ පසුවන ‘නව යොවුන් දැරියන්ටයි’ රජය විසින් නොමිලේ ලබාදෙන මෙම එන්නත වාර දෙකකින් තමයි ලබාදීම කරන්නේ. ඒ අනුව පළමු එන්නත ලබාදී මාස 06කට පසුව දෙවැනි එන්නත ලබා දෙනවා’
මෙහිදීී විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය සඳහන් කරන්නේ ්ෘඔ :්ාමකඑ ාඔ* එන්න සමග, එනම් වැඩිහිටි වියේ ලබා දෙන ‘ද්විත්ව එන්නත’ සමග මෙම එන්නතත් ලබාදිය හැකි බවයි.

‘එසේම වයස අවුරුදු 12-14 වන තෙක් නව යොවුන් දැරියන්ට ද ්‍යඡුඩ එන්නත ලබාදිය හැකියි’ ඇය පවසනවා.

මෙම එන්නත ලබා දෙන්නේ කොහොමද ?

‘මුලින්ම සඳහන් කළ ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ එන්නත නොමිලේ ලබා දීම කරනවා. ඒ අනුව ලංකාවේ සියලූම පාසල් ආවරණය වන පරිදි එකම දිනයකයි මේ එන්නත් ලබාදීමේ වැඩසටහන ක‍්‍රියාත්මක වන්නේ. එහිදී අපි දෙමාපියන් දැනුවත්කර මේ එන්නත ලබාදීමට කැමැති ද ? අකමැතිද කියලා විමසා බලනවා. ඒ අනුව තමයි එන්නත ලබා දෙන්නේ.
ඇතැම් විට මේ දිනයේදී දැරියන්ට එන්නත ලබාදීමට නොහැකි විය හැකියි. එසේ වුවහොත් ඔවුන්ට තමන්ගේ ප‍්‍රදේශයේ තිබෙන එම්. ඕ.එච් කාර්යාලයට ගොස් මේ එන්නත නොමිලේ ලබාගත හැකියි.

මෙහිදී විශේෂඥ වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය කියා සිටියේ අදාළ වයසේ සිටින ඕනෑම නව යොවුන් දැරියකට මෙම එන්නත ලබාදිය හැකි බවයි.

‘අදාළ වයස සම්පූර්ණ කළ ඕනෑම දැරියකට මේ එන්නත ලබාදිය හැකියි. ඒ වගේම තවත් වැදගත් කරුණක් අපි දෙමාපියන්ට මතක් කර දිය යුතුයි. අපි මේ එන්නත ඔබේ දියණියට ලබා දෙන්නේ එම එන්නත ලබාදීම මගින් ඇගේ ජීවිතයට සුරක්ෂිතභාවයක් ලැබෙන නිසයි.

අනාගතයේදී ඔබේ දරුවා නොසිතූ දෙයකට මුහුණ දුන්නොත් එයින් වන හානිය වළක්වා ගැනීමට මෙම එන්නත මගින් හැකියාව ලැබෙනවා’

බොහෝ එන්නත් මගින් ආසාත්මිකතා ඇතිවන බවට මතයක් තිබෙනවා. ඒ ගැන වෛද්‍ය ධම්මිකා දිසානායක මහත්මිය මෙසේ සඳහන් කළා.

‘නැහැ, බොහෝ විට මෙවැනි එන්නත් අසාත්මික වන්නේ ම නැහැ. ඒ වගේම යම් කිසි ආකාරයකින් එවැනි ආසාත්මිකතාවක් ඇති වුණත් ඊට පෙර සූදානමක් ඇතිවයි. ඒ නිසා කිසිම දැරියකට මේ එන්නත ලබාදීමට බියවිය යුතු නැහැ. එය සුරක්ෂිත එන්නතක්’’

එහෙත් අතුරු ආබාධ ගැන මොකද කියන්නේ ?

ඔව්, යම් යම් සුළු අතුරු අබාධ ඇතිවිය හැකියි. මෙය ප‍්‍රතිශක්ති එන්නත්වල දැකිය හැකි පොදු තත්ත්වයක්. ඒ අනුව එන්නත ලබා දුන් ස්ථානය රතු පැහැයක් ගැනීම, සුළු වේදනාවක් දැනීම, සුළු උණ ගතියක් ඇතිවීම, කැරකිල්ල, ක්ලාන්තය ඇතිවීම සිදුවිය හැකියි. ඒත් මෙම එන්නත ලබා ගැනීම මගින් ඇතිවන ප‍්‍රතිලාභ දෙස බැලූ විට මේවා නොසැලකිය යුතු තරම් සුළු දේවල්.

මේ එන්නත වැඩිහිටි වියේදී ලබා දෙන්න නොහැකිද ?

පුළුවන්. නව යොවුන් දැරියන්ට අමතරව මේ එන්නත අවශ්‍ය වසය අවුරුදු 26 දක්වා වන කාන්තාවන්ට පෞද්ගලික අංශයෙන් එය ලබාගත හැකියි. එහෙත් එය ආවට ගියාට ලබාගත නොහැකියි. ඒ සඳහා ඇය ‘පැප්’ පරීක්ෂණයකට ලක්විය යුතුයි. මෙම පරීක්ෂාවට ලක්විය යුතු වන්නේ ගැබ්ගෙළ පිළිකාව ඇතැම් විට රෝග ලක්ෂණ පෙන්වන්න දීර්ඝ කාලයක් ගන්නා නිසයි. රෝග ලක්ෂණ නොපෙන්වා ගැබ්ගෙළ පිළිකාවට ගොදුරු වී සිටී නම් මේ එන්නත ලබා ගැනීම මගින් ප‍්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පැප් පරීක්ෂණය සාමාන්‍යයෙන් වසර තුනකට වරක්වත් කරගත යුතුයි.

මෙමගින් කාන්තාවන්ට ඇතිවන වාසිය කුමක්ද ?

ඇත්තටම ලොකු වාසියක් ලැබෙනවා. බහුවිධ අඹුසැමි සම්බන්ධතා පවත්වන කාන්තාවන්ට මේ එන්නත ලබාගැනීම මගින් වැඩි ආරක්ෂිතභාවයක් ලබාගත හැකියි.

එසේ නම් ගැබ්ගත් කාන්තාවන්ටත් මේ එන්නත ලබාගත හැකියි නේද ?

නැහැ. ගැබිනි කතුන්ට මේ එන්නත ලබා දෙන්නේ නැහැ. ඒත් යම් කිසි ආකාරයකින් තමා ගැබ්ගත් බව නොදැන මේ එන්නත ලබා ගත්තත් එයින් හානියක් වූ තවම කිසිම රටකින් වාර්තා වී නැහැ.

මේ එන්නත මගින් ජීවිත කාලයටම ප‍්‍රතිශක්තිය ලැබෙනවාද ?

ඔව්, පැහැදිලිව ලැබෙනවා. ඒත් වෙනත් හේතු නිසා ද සියයට 20කට පමණ ගැබ්ගෙල පිළිකා වැළදෙන නිසා වැඩිහිටි වියේදී ‘පැප්ස්මියර්’ පරීක්ෂාවකට ලක්වීම වඩාත් සුදුසුයි.

සටහන – තුෂාධවි