උණුසුම ඉහළ නිසා හැකි තරම් ජලය පානය කරන්න – GMOA

උණුසුම ඉහළ නිසා හැකි තරම් ජලය පානය කරන්න  – GMOA
Spread the love

දිවයිනේ ප්‍රදේශ කීපයක ශරීරයට දැනෙන උණුසුම ඉහළ ගොස් තිබෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන ජනතාව අවදානය යොමුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද ‌සොයිසා මහතා සඳහන් කළේය.

කය වෙහෙසා වැඩකරන පිරිස් ශරීරයේ ජලය ඉවත් වීමෙන් ඇතිවන විජලන තත්ත්වය පිලිබඳව අවධානය යොමුකළ යුතු බවත් දැඩි හිරු රශ්මියේදී ගමන් කිරීමේදී කුඩ හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙම තත්ත්වය තුළ හැකි තරම් ජලය භාවිතා කරන ලෙසත් මීට අමතරව තැඹිලි වතුර භාවිතා කරන ලෙසද නවින්ද ‌සොයිසා මහතා සඳහන් කළේය.