
‘මුහුණු සම්බාහනය’ Facial massage යනු ස්පා චිකිත්සකයෙකුගේ spa therapist අතෙහි සීමා වූ සුඛෝපභෝගී දෙයක් නොවේ. සම රැකවරණය ගැන උනන්දුව ඉහළ යාමත් සමඟ මුහුණේ සම්බාහනය සදහා වන උනන්දුව ද ක‍්‍රමයෙන් ඉහළ යමින් පවතී.
මුහුණේ සම්බාහනය මඟින් ඔබට නිරෝගී දිලිසීමක් ලබා දෙනවා පමණක් නොව වයසට යාමේ සලකුණු සමඟ සටන් කිරීමටද උපකාරී වේ. එසේ නම් ‘මුහුණ සම්භාහනයට අකමැති වන්නේ කවුද ? ඒත් ඒ ගැන නිවැරදිවි… විද්‍යාත්මකව දන්නේ කීයෙන් කී දෙනාද ? මෙන්න එසේ නම් ඒ ගැටලුවත් අපි විසදා දෙන අයුරු…
- විවිධ ආකාරයේ මුහුණු සම්බාහනය
- මුහුණේ සම්බාහන ක්‍රම
- මුහුණේ සම්බාහන මෙවලම්
- මුහුණේ සම්බාහනය සඳහා අත්‍යවශ්‍ය තෙල්
- මුහුණේ සම්බාහනය සඳහා ෘෂශ මෘදු කිරීමේ ස්ක්‍රබ්
- නිතර අසනු ලබන ප්‍රශ්න
මුහුණේ සම්බාහනය විවිධ වර්ග Different Types of Facial Massages
1. ප්‍රධාන සම්බාහනය වර්ග Major Exfoliating Facial Massages

‘ස්ක්‍රබ්’ යනු විශිෂ්ට ස්වාභාවික සම්භාහන ක‍්‍රමයකි. Scrubs are a great natural exfoliant සීනි හෝ ලුණු සහිත ස්ක්‍රබ් මෘදු හා සම පැහැපත් කරගැනීමේදී ඔබට ‘විස්මිත’ පෙනුමක් ලබා දෙනු ඇත.
ලුණු සමේ අදුරු වර්ණය සහ මැරුණු සම ඉවත්කර එය ප‍්‍රබෝධමත් කිරීමට උපකාරී වේ. මුහුණේ සම්බාහනය කිරීමෙන් සම කැපී පෙනෙන ලෙස සුමට වන අතර කාලයත් සමඟ සමේ වයනය වැඩි දියුණු වේ. නමුත් ලණු මගින් මුහුණ සම්භාහනය යම් ආකාරයකින් අනතුරුදායක වේ. ඒ ලණුවල ඇති සෑම අංශුවක්ම සමේ සුළු සීරීම්වලට හේතු විය හැකි බැවින් මුහුණ මුහුණ සම්භාහනය සදහා ලුණු භාවිතා කිරීමේදී ප්‍රවේශම් විය යුතුය.
2. ගැඹුරු පිරිසිදු කිරීම සම්බාහනය Deep Cleansing Facial Massages
පිරිසිදු කිරීම සැමවිටම හොඳ සම රැකවරණයේ හරය වේ. හොද සම පිරිසිදුකාරයක් මගින් Facial massages with a good cleanser මිනිත්තු 2-5 ක් පමණ මුහුණ මසාජ් කරන්න. රවුම් චලිතයකින් දෙවරක් පිරිසිදු කිරීම සමේ සෞඛ්‍යයට වැදගත්ය.

3. Powerful Balancing Facial Massages
වියළි සමක් ඇති අයට මුහුණේ සම්බාහනය ප්‍රයෝජනවත් වේ. කෙසේ වෙතත් එය වියළි සමට පමණක් නොව තෙල් සහිත සමට ද එකසේ වැදගත් වේ. serum/facial oil ඔබේ සමේ තෙල් මට්ටම පාලනය කිරීමට සහ සමතුලිත කිරීමට උපකාරී වේ. Cleanse-tone-moisturise මොයිස්චරයිස්, මුහුණේ ආලේප කර ඉහළට සම්බාහනය කරන්න.
4. ආකර්ෂණීය ලෙස මොයිස්චරයිසින් කරන මුහුණේ සම්බාහනය
ඔබේ සමට මොයිස්චරයිසින් moisturising කිරීමෙන් දීප්තිය හා පෝෂණය ලබා දෙන්න. මොයිස්චරයිසර් යනු මුහුණේ සම්බාහනය සඳහා කදිම ක‍්‍රමවේදයවේ. Moisturisers are ideal companions for facial massages නිවසේදී රූපලාවණ්‍ය ප්‍රතිකාර කිහිපයක් අත්හදා බලා ප්‍රතිලාභ ලබා නොගන්නේ මන්ද ? එය සෑම සම වර්ගයක් සඳහාම යෝග්‍ය වන අතර රාත්‍රී කාලයේ පුරුද්දක් සඳහා වඩාත් සුදුසු වන අතර හැකි තරම් පහසුම ආකාරයෙන් ඔබේ සම සම්භාහනය කිරීමෙන් දවස අවසන් කිරීමට හොඳම ක්‍රමය මෙයයි.
5. Balancing Mask Facial Massages
ලුණු සහ මී පැණි ආලේප කරන ලද මුහුණේ සම්බාහනය මගින් ඔබට විස්මිත ප‍්‍රතිඵල ලබා ගත හැකිය. එමගින් සම උත්තේජනයට ලක්කරන අතර සම රැුලිවැටීම, ඉරිතැලීම සහ අදුරු පැහැ පලනය වඩාත් ප‍්‍රශස්ත ආකාරයෙන් සිදුවේ. එමෙන්ම සමේ තෙල් ගතිය ඉවත් කිරීමට ද උපකාරී වේ.
සමට වැඩිපුරම අවශ්‍ය වන ස්ථර වල, පැතිරෙන පේස්ට් එකක් සෑදීම සඳහා මී පැණි තේ හැඳි හතරක් සමඟ පිරිසිදු ලුණු තේ හැඳි දෙකක් (වඩාත් සිහින්ව ) මිශ්‍ර කරන්න. පිරිසිදු, වියළි සම සඳහා ඒකාකාරව භාවිත කරන්න. ඇස් ආවරණය කර ගන්න සැලකිිලිමත් වන්න. මිනිත්තු 10 සිට 15 දක්වා මෙය මුහුණ මත තබාගෙන සිටින්න. මෙම ආලේපනය මුහුණෙන් ඉවත්කර ගැනීම සදහා ඉතා උණුසුම් ජලයෙන් පොගවා, පසුව මිරිකා ගත් පිරිසිදු රෙදිකඩක් මගින් තත්ත්පර 30ක් පමණ මුහුණ සම්භාහනය කරන්න. ඊට පසු ‘රවුම් චලිතයක්’ ඇති වන සේ සියුම්ව මුහුණ සම්භාහනය කරන්න.
උපුටා ගැනීම Femina Magazine

