මෙම ආසාදන ප්‍රධාන වශයෙන් ව්‍යප්ත වන්නේ අනාරක්ෂිත ලිංගික සබදතා නිසාය. ශුක්‍ර තරලය වැනි තරලවල ලිංගේන්ද්‍රියේ හා ඒ ආශ්‍රිත පෙදෙස්වල, මුඛය, උගුර හා ගුදයේ මෙම ආසාදන ඇති කිරිමෙහි සමත් බැක්ටිරියා හා වයිරස දැකිය හැකිය.
ශ්‍රී ලංකාවෙ බහුලව දක්නට ලැබෙන ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන
- උපදංශය
- හර්පිස්
- ගොනෝරියා
- වෙනත් මුත්‍රා මාර්ගයේ ආසාදන
- ලිංගික ඉන්නන්
ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන වල රෝග ලක්ෂණ
- ලිංගේන්ද්‍රය ආශ්‍රිතව ස්‍රාවයන් පිටවිම
- මුත්‍රා මාර්ගයෙන් හෝ යෝනි මාර්ගයෙන් එන ස්‍රාවයන්
- ලිංගේන්ද්‍රිය ආශ්‍රිත තුවාල
- ලිංගේන්ද්‍රිය ආශ්‍රිත දිය බුබුලු වැනි ඉදිමිම්
- ලිංගේන්ද්‍රිය ආශ්‍රිත ගැටිති හෝ එවැනි වර්ධනය විම්
- ලිංගේන්ද්‍රිය ඉදිමිම හො රතු විම
- වෘෂණ කෝෂය ඉදිමිම
- කාන්තාවන්ගේ යටිබඩ වේදනා
- මුත්‍රා කිරිමේ දී වේදනාවක් ඇතිවිම,සහ නිතර නිතර මුත්‍රා පිටවිම වැනි මුත්‍රා මාර්ගය ආශ්‍රිත රෝග ලක්ෂණ
මෙම රෝග සදහා වැඩි අවදානමක් ඇත්තේ කාටද ?
- සහකරුවන් කිහිප දෙනෙකු සිටින පිරිස්
- ගණිකාවන්
ලිංගිකව සම්ප්‍රේෂණය විමේ රෝග ඇතිවිමට තුඩුදෙන ලිංගික හැසිරිම්
- ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ඇති අයෙකු සමග ලිංගික සබදතා පැවැත්විම
- එක් සහකරුවෙකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සබදතා පැවැත්විම
- අන් අය සමග අනාරක්ෂිත ලෙස ලිංගික සබදතා පවත්වන සහකරුවෙකු සමග ලිංගික සබදතා පැවැත්විම
- මුදල්, තෑගිබෝග, ආහාර, ඉදුම් හිටුම්, වරප්‍රසාද ලබාගැනිම සදහා ලිංගික සබදතා පැවැත්විම.
ලිංගිකව සමිප්‍රේෂණය වන රෝගවල අයහපත් ප්‍රතිථල
- කාන්තාවන් වදභාවයට පත් කරන, පැලොපියනාල ද්‍රබලතා සදහා ප්‍රධානතම හේතුවක් වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයි.
- ප්‍රතිකාර නොකරන ලද උපදංශය රෝගයේ මුල් අවස්ථාවලදී නියමිත
ප්‍රතිකාර හේතුවෙන් මළදරු උපත් 4කින් එකක් සහ නවජ මරණවලින් 14%ක් සිදුවෙයි. - ලිංගික සම්ප්‍රේෂණය වන රෝග අතරින්වඩාත් බරපතල රෝගයක් වන පැපිලෝමා වයිරස් (ලිංගික ඉන්නන්) රෝගය, ගැබ් ගෙල පිළිකා සදහා හේතු සාධකයකි.

