දේශීය ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ පියවරක් ලෙස ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ගරු අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබේ.
ධීවරයන්ගේ ඉල්ලීම්වලට කන්දෙමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව බදු සහන මත ආනයනික මසුන් කිලෝ ග්‍රෑම් එකක් සඳහා 10 % ක් හෝ රු. 100/- ක බදු සහනයක් දී එයින් අය කරනු ලැබුවේ රු. 25/- ක් පමණි. ඒ අනුව එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික මසුන්ගේ වටිනාකමින් 10% ක් හෝ කිලෝ ග්‍රෑම් එකකට රු. 150/- ක් අය කෙරෙනු ඇත.

