


නවක බොලිඩුව් සුරූපනියක් වන ‘කිරාන් අද්වානී’ගේ අඩ නිරුවත් කැලැන්ඩරය නිසා නිර්මාණය වෙලා තිබෙන ආන්දෝලනය ගැන අපි මීට පෙර කතා කළා.
මේ අතර‘ඩාබු රත්නාෆි’ විසින් නිර්මාණය කළ තවත් කැලැන්ඩර ඡායාරූප කිහිපයක් වෙතත් මේ වන විට බොලිවුඩයේ / ඉන්දියාවේ අවධානය යොමු වෙලා තියෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන ආකාරයට මේ ඡායාරූපත් ‘උණුසුම්’ ඒවා බවයි කියන්නේ.



මේ කැලැන්ඩර් ඡායාරූප අතරේ සුපිරි නිලි සනී ලියෝන් සහ භූමි පන්ඬේකාර් ද සිටින බවයි වාර්තා වන්නේ. ඒ අතර අනුෂ්කා ෂර්මාගේ ඡායාරූපයක් වගේම රිතික් රොෂාන්, අක්ෂේ කුමාර්, සයිෆ් අලි ඛාන් සහ ආශ්චර්යා රායිගේ ඡායාරූප ද තිබෙනවා.