සම්පත් බැංකුව විසින් අප පෙබරවාරි 27 දින සිදුකරනු ලැබු මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සම්පත් බැංකුව විසින් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ලිඛිතව ඔවුන්ගේ ATM යන්ත්‍රවල ආරක්‍ෂිතභාවය සම්බන්ධයෙන් දැනුම් දී ඇත.
එමඟින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙරට පිළිගත් වාණිජ බැංකුවක් ලෙස සම්පත් බැංකුව තම සියලුම ගනුදෙනුකරුවන්ගේ දත්ත සුරක්ෂිත භාවය සහ ATM යන්ත්‍රවල සුරක්ෂිතභාවය වගකීමෙන් යුතුව තහවුරු කර සිටින බවයි.
එම නිසා කිසිදු පාරිභෝගිකයෙකුට සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර භාවිතයේදී අනිසි බියක් ඇති කර නොගත යුතු බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් මහජනතාව වෙත දැනුම් දෙමු.




