හෙට (16) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කළ ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රජයේ රෝහල්වල කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යාම සදහා සෞඛ්‍ය සේවයට අයත් සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස පවත්වා ගෙන යාම අත්‍යවශ්‍යව ඇති බවත් හෙට (16) සෞඛ්‍ය සේවාවන් සදහා නිවාඩු දිනයක් නොවන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භදානි ජයවර්ධන දන්වා සිටින බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

