රටවල් 14ක් සදහා ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් සේවා සීමා කිරීම

රටවල් 14ක් සදහා ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් සේවා සීමා කිරීම
Spread the love

එක්සත් රාජධානිය, බෙල්ජියම සහ නෝර්වේහි ශ්‍රී ලංකා දූත මණ්ඩල මගින් ඉටුකරන කන්සියුලර් (ප්‍රදූත) සේවා සීමා කිරීම

කෙරෝනා වෛරසය (COVID-19) සම්ප්‍රේෂණය වීම සීමා කිරීම සහ අලුතින් නම් කරන ලද රටවලට පනවා ඇති සංචාරක සීමාවන් ඵලදායී ලෙස ක්‍රියාවට නැංවීම සහතික කිරීම සඳහා, විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් මාර්තු 15 වන දින මධ්‍යම රාත්‍රි පැය 2359 සිට බ්‍රසල්ස්, ලන්ඩන් සහ ඔස්ලෝහි දූත මණ්ඩල මඟින් සපයන කොන්සියුලර් (ප්‍රදූත) සේවා නියාමනය කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කර ඇත.

රජය විසින් තවත් ගමනාන්ත තුනක් එක් කරමින් නම් කරන ලද රටවල් ලැයිස්තුව යාවත්කාලීන කර ඇති අතර, ගමනාරම්භක ස්ථානය තර්ජනයක් විය හැකි සහ ප්‍රවේශය සීමා කිරීම කල්පනාකාරී විය හැකි බවට සලකන සියලු අභ්‍යන්තර සංචාර සීමා කිරීමට දරන උත්සාහයන්ට නිසි සහයෝගය ලබා දීම, මෙම තීරණයට හේතු පාදක වී තිබේ.

ඒ අනුව, 2020 මාර්තු 16 වන දින සිට, ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ඉටු කරනු ලබන කොන්සියුලර් සේවාවන්, හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, මරණ ලියාපදිංචිකිරීම සම්බන්ධ සහතික නිකුත් කිරීම සහ වෙනත් අවශ්‍ය යැයි සැලකෙන හදිසි සේවාවන් සඳහා සීමා කෙරේ. අදාළ දූත මණ්ඩල විසින් එක් එක් සිද්ධිය මත පදනම්ව මෙම සේවා සැපයීමට කටයුතු කරනු ඇති අතර, ශ්‍රී ලාංකිකයන් හෝ විදේශිකයන් දූත මණ්ඩල කාර්යාල පරිශ්‍රයන්හි අනවශ්‍ය ලෙස එක්රැස් වීම වැලැක්වීම සඳහා දූත මණ්ඩල කාර්යාල සමඟ සම්බන්ධීකරණය වෙමින් සේවා ලබා ගැනීම සඳහා පූර්ව අයදුම් කිරීමක් මඟින් වේලාව වෙන් කර ගැනීම අනිවාර්ය වේ.

විදේශීය ශ්‍රී ලංකා දූත මණ්ඩල කොන්සියුලර් (ප්‍රදූත) සේවා සැපයීම සීමා කිරීම සඳහා වන පියවර

කොරෝනා වෛරසය (COVID-19)  ගෝලීය වශයෙන් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ වර්තමාන තත්වයන් සැලකිල්ලට ගනිමින් සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අතර වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා, මාර්තු 16 වනදා සිට නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක කොන්සියුලර් (ප්‍රදූත) සේවා සැපයීම සීමා කිරීමට විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම රටවල් අතරට ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව ඇතුළත් වේ.

සම්බන්ධිත රටවල අදාළ බලධාරීන් විසින් ගනු ලබන සංචාරක තහනම් කිරීමේ සහ ප්‍රවේශය සීමා කිරීමේ පියවරයන්හි දැඩි සීමාකාරී ක්‍රියා පටිපාටි සැලකිල්ලට ගනිමින් සහ මෙම රටවලින් ආරම්භ වන සියලුම සංචාරයන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී පනවා ඇති සංචාරක තහනමද  සැලකිල්ලට ගනිමින්, මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, 2020 මාර්තු 16 වන දින සිට ඉදිරියට, නැවත දැනුම් දීමක් සිදු කරන තුරු, තාවකාලික / හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, ශ්‍රී ලාංකිකයන්ගේ මරණවලට අදාළ ලේඛන නිකුත් කිරීම හා සහතික කිරීම සහ එක් එක් සිද්ධිය මත පදනම්ව අවශ්‍ය යැයි හැඟෙන වෙනත් හදිසි කොන්සියුලර් (ප්‍රදූත) සේවය  සැපයීම සඳහා පමණක් අදාළ වන පරිදි, සිය සේවාවන් සැපයීම සීමා කිරීමට මෙම දූත මණ්ඩල විසින් කටයුතු කර ඇත. දූත මණ්ඩලවලින් සේවාවන් ලබා ගැනීම සඳහා වන පූර්ව වෙන් කර ගැනීම් මත පදනම්ව මෙම කටයුතු සිදු කරනු ඇත.

සේවාවන් ලබා ගැනීම සඳහා කලින් වෙන් කර ගැනීම් ස්ථිර කර ගැනීමට සහ සීමිත කොන්සියුලර් (ප්‍රදූත) සේවා සහ අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා, ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් සේවා අපේක්ෂිතයින් වෙත හදිසි ඇමතුම් අංක ලබා දී ඇත.