තම ප්‍රජනන පද්ධතිය ගැන කාන්තාවන්ට ඇතිවන සුලභ ගැටලු 05කට විද්‍යාත්මක පිළිතුරු

තම ප්‍රජනන පද්ධතිය ගැන කාන්තාවන්ට ඇතිවන සුලභ ගැටලු 05කට විද්‍යාත්මක පිළිතුරු
Spread the love

ලකාවේ පමණක් නොවෙයි ලෝකය පුරාම විධිමත් හා විද්‍යාත්මක ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසා අගතියට හා විවිධ පීඩාවන්ට පත්වන කාන්තාවන් ප්‍රමාණය නිමක් නැහැ. ඒ සමග මිත්‍යා සහ පදනම් විරහිත තොරතුරු නිසා ද ඇතිවන්නේ මහත් විනාශයක්. පහත පළ වන්නේ කාන්තාවන්ට තම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ නිතර ඇතිවන ගැටලු 05ක් සහ එයට විද්‍යාත්මක පැහැදිලි කිරීමක්.

1. යෝනි මාර්ගයෙන් ශ්‍රවයන් පිටවීම සෑම විටම රෝගයක් ද ?

නැත. කාන්තාවන්ගේ ඔසප් චක්රය තුළ දී සිදුවන හෝර්මෝන වල වෙනස්කම් අනුව ඇතිවන ස්වාභාවික යෝනි ස්‍රාවයන් ඇත. මෙය ගදක් සුවදක් හෝ වර්ණයක් නොමැති, කැසීමක් ඇති නොකරන ස්‍රාවයකි. මෙම තරල ප්‍රමාණය ආර්තව චක්‍රය අනුව වෙනස් වේ. නමුත් මෙය රෝගී තත්ත්වයක් නොවේ. මෙහිදි සනීපාරක්ෂාව ඉතා වැදගත්වේ. යෝනි  ස්‍රාවය සිරුරේ බර අඩුවීමට කිසිම විටෙක හේතු නොවේ. එසේ වුවද යම් අවස්ථාවක යෝනි ස්‍රාවයන් දුගද හමන සුළු, යම් වර්ණයකින් යුක්ත හෝ රුධිරය මිශ්‍ර වේනම් එය වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි.

2. යෝනි මාර්ගයෙන් ශ්‍රවයන් පිටවීම සෑම විටම රෝගයක් ද ?

ඔව්. පැප් පරික්ෂණය මගින් ගැබ් ගෙලේ සෛල පිළිකාවක් බවට හැරීම ආරම්භ වන විටම ඒ බව හදුනා ගත හැකිය. එය මෙම තත්ත්වය පිළිකාවක් බවට හැරීම වැළැක්වීමට අවශ්‍ය පෙර සුදානම් වීමට ඔබේ වෛද්‍යවරයාට පහසු කරයි.

3. ස්ථුලතාවය මදසරුභාවය ඇති කිරීමට හේතුවක් වේද ?

ඔව්. ස්ථුලතාවය හා මදසරුභාවය අතර සම්බන්ධතාවයක් ඇත.

4. කුඩා ප්‍රමාණයේ පියයුරු වර්ධනය කරගැනීමට ක්‍රමයක් තිබේද ?

පියයුරුවල ප්‍රමාණය උපතේ දීම තිරණය වන්නකි. පියයුරුවල ප්‍රමාණය වැඩි කිරීමට සමත් ඖෂධ හෝ ක්රීම් වර්ග නොමැත. අවශ්‍යනම් ප්ලාස්ටික් සැත්කමක් මගින් පියයුරුවල ප්‍රමාණය වෙනස් කරගත හැක. එසේම පියයුරු වල ප්‍රමාණය විවාහ ජිවිතය හෝ මවිකිරි දීම කෙරෙහි බලපෑමක් ඇති නොකරයි.

5. ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව සමේ ලප ඇතිවීමට හේතු මොනවාද ?  

මේ ප්‍රදේශයේ රෝම අධිකව තිබීම හෝ අධික ලෙස දහඩිය දැමීම බැක්ටීරියා ආසාදන ඇතිවීම පහසු කරවයි. එය සමේ ලප බිබිලි ආදිය ඇති කරයි. මේ නිසා පෞද්ගලික සනීපාරක්ෂාව හා කපු රෙද්දෙන් මැසූ යට ඇදුම් භාවිතය මෙවැනි තත්ත්ව වලින් මිදීමට ඔබට උපකාරි වෙයි.

Text copied by Happy Life