බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට පුතෙක්

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ට පුතෙක්
Spread the love

55 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකු වුවත් බ්‍රිතාන්‍ය අගමැති බොරෝස් ජොන්සන් අද පියෙකු බවට පත් වුණා. ඒ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් අද දින බොරිස් ජෝන්ස්ටන්ට දාව දරුවෙකු බිහි කිරීම සමගයි.

තම පුත්‍රයා උපත ලද බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඔහුගේ සහකාරිය වන කැරී සිමොන්ඩ්ස් නිවේදනය කළහ.

මව සහ දරුවා “ඉතා යහපත්” සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව අගමැතිවරයා සහ ඔහුගේ සහකාරිය වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රකාශකයා පැවසීය.

ලන්ඩනයේ ජාතික සෞඛ්‍ය සේවයට අයත් (NHS) රෝහලක දරුවා උපත ලබා ඇති අතර ඒ මොහොතේ අගමැතිවරයා ද එම ස්ථානයේ සිටි බව වාර්තා වේ.

නව කොරෝනාවෛරසය ආසාදනය වූ අගමැති බොරිස් ජොන්සන් සම්පුර්ණ සුවය ලැබුවේ මීට දින කිහිපයකට පෙරය.

“අගමැතිවරයා සහ සිමන්ඩ් මහත්මිය, ජාතික සෞඛ්‍ය සේවයේ අති දක්ෂ මාතෘ හෙද කණ්ඩායමට සිය කෘතඥතාවය පිරිනමනවා.” ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.

55 හැවිරිදි අගමැති ජොන්සන් සහ 32 හැවිරිදි කැරී සිමොන්ඩ්ස් ගේ විවාහ වීමට නියමිත බව නිවේදනය කෙරුණේ පසුගිය වසර අවසානයේදී ය.

වසන්ත සමයේ මුල් භාගයේ දී දරු උපතක් සිදු වීමට නියමිත බව පසුගිය මාර්තු මාසයේ දී නිවේදනය කෙරින.

“අගනා ප්‍රවෘත්තියක්”

බ්‍රිතාන්‍ය අගමැති නිල නිවාසයේ පදිංචිය සඳහා පැමිණි ප්‍රථම අවිවාහක යුවල ලෙස බොරිස් ජොන්සන් සහ කැරී සිමොන්ඩ්ස් ඉතිහාසගත වේ.

අගමැති ජෝන්සන්ට කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් අනතුරුව දින තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය. සුවය ලැබීමෙන් අනතුරුව ඔහු නිල රාජකාරි කටයුතු ආරම්භ කළේ සඳුදාය. (අප්‍රේල් 27)

අගමැතිවරයාගේ සහකාරිය ද කොරෝනාවෛරස රෝග ලක්ෂණවලින් පෙළුණු බව වාර්තා විය.

තමන්ට මුනුබුරෙකු ලැබීම ගැන අතිශය සතුටට සහ උද්දාමයට පත් වී සිටින බව අගමැතිවරයාගේ පියා වන ස්ටැන්ලි ජොන්සන් PA පුවත් සේවයට පවසා ඇත.

අගමැතිවරයාගේ කොන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරු සහ විරුද්ධ පක්ෂය ඇතුළු බොහෝ දෙනෙකු සුබ පැතුම් එක්කර තිබේ.

විරුද්ධ පක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ශ්‍රීමත් Keir Starmer “අගනා ප්‍රවෘතියක්” ලැබුණු බව පවසමින් ශුභාශිංසන එක් කළේය.