අද (21) දින ප.ව 22.05 වන විට වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයින් 19 දෙනා සමග ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1047ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිල වෙබ් අඩවියේ සදහන් වේ.
එහි දැක්වෙන්නේ මේ වන විට රෝහල් තුළ රෝගීන් 434 දෙනකු ප්‍රතිකාර ලබන අතර 139 දෙනකු විමර්ශනය යටතේ සිටින බවයි.
සුවය ලබා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 604ක් බව ද එහි වැඩි දුරටත් සදහන් වේ.

මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ අද දිනය තුළ ගෝලීය වශයෙන් වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති බවයි. එය 9743ක් වන අතර රුසියාවෙන් 8849ක් සහ බ්‍රසීලයෙන් ආසාදිතයින් 2676ක් සහ එක්සත් රාජධානියෙන් ආසාදිතයින් 2615ක් වාර්තා වී ඇත.


