ඔසප් දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම: ‘ඔබ නොදැන සිටි රහස්’

ඔසප් දිනවල ලිංගික සම්බන්ධතා පැවැත්වීම: ‘ඔබ නොදැන සිටි රහස්’
Spread the love

ඔසප් වීම (Menstrual) සියලුම කාන්තාවන්ට පොදු ස්වභාවික දෙයක් වුවත් ඒහා සම්බන්ධ පුරාතන (ගෝත්‍රික) මිත්‍යාවන් තව දුරටත් මිනිසුන් අතර තිබෙනවා. ඒ අතර සුවිශේෂ මිත්‍යාවක් වන්නේ ‘ඔසප් සමයේදී ලිංගිකව එක්වීම නුසුදුසු බවයි.

ඒත් විධිමත්ව සිදුකළ පර්යේෂණ මගින් මේ මිත්‍යාව ඇතුළු ඔසප් වීම හා ලිංගික සම්බන්ධතා පිළිබද තවත් මිත්‍යාවන් කිහිපයක් ‘සාවද්‍ය‘ බව තහවුරු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ලෝ ප්‍රකට ‘ෆෙමිනා‘ සගරාව මෙසේ කියනවා.

‘ ඔසප් පරිච්ඡේදයේ ලිංගිකත්වය පිළිබඳ යම් යම් අපැහැදිලි සහ තහනම් හැඟීමක් තවමත් පැවතුන ඇත්ත තත්ත්වය වන්නේ ඔසප් සමයේ ලිංගික එක්වීම්වලින් කිසිදු හානිකර ප්‍රතිවිපාකයක් නැති බවයි.  ඔබ අවශ්‍ය සනීපාරක්ෂක පියවර ගන්නා තාක් කල් (තුවායකින් ඇඳ ආවරණය කරන්න), එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය දෙයකි‘

මෙහිදී ෆෙමිනා සගරාව ඔසප් සමග තුළ ලිංගිකව හැසිරීම පිළිබඳව නොදැන සිටි කරුණු හතරක් ඉදිරිපත් කරනවා.

1. උස් වූ ඉන්ද්‍රියයන් සහ සතුට Heightened Orgasms and Pleasure

period sex

ඔසප් සමයේ ලිංගිකත්වය අවුල් සහගත විය හැකි නමුත් එය නිසැකවම නිවැරදි ස්නායු උද්දීපනය කරන බව සොයා ගෙන ඇත. ටැබ්රිස් වෛද්‍ය විද්‍යා විශ්ව විද්‍යාලය (Tabriz University of Medical Sciences) විසින් 2019 දී කරන ලද පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ (ඔසප් සමය තුළ ලිංගික ක්‍රියාකාරකම් සිදුවන අතරතුර රුධිර ප්‍රවාහය වැඩි වීම නිසා) ඔබේ ලිංගික ප්‍රතිචාර දැඩි උත්තේජනයට තුඩු දිය හැකි බවයි. නැතහොත් ඔබට දැඩි සතුටක් ලබාගත හැකි බවයි.

2. එය ඔබ සිතනවාට වඩා පොදු ය – It Is More Common Than You Think

period sex

ඔසප් පරිච්ඡේදය ලිංගිකත්වය ස්පර්ශ නොකළ ප්‍රදේශයක් යැයි ඔබ විශ්වාස කරන්නේ නම්, මෙම කරුණ දැනගත් විට ඔබ පුදුමයට පත් විය හැකිය. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ යුවළයන්ගෙන් සියයට 30 ක් පමණ තම සහකාරිය ඔසප් වීමේදී ලිංගිකව හැසිරීමට කැමති නැති බවයි. එහි අදහස වන්නේ පිරිමින්ගෙන් 70%ක් ඔසප් සමයේදී තම සහකාරිය සමග ලිංගිකව එක්වීමට කැමැත්තක් දක්වන බවයි. ඊට හේතුව වශයෙන් පරයේෂකයින් දක්වන්නේ ඔසප් සමය තුළ කාන්තාවන්ගේ ලිංගික උද්දීපන අනුපාත ඉහළ යාමයි. එබැවින්, එය විවෘතව කථා නොකෙරෙන නමුත් ඔසප් සමයේ සංසර්ගයේ යෙදීම අසාමාන්‍ය දෙයක් නොවේ.ෙ

3. ඔබට තවමත් ගැබ් ගත හැකිය-You Still Can Get Pregnant

period sex

‘ඔසප් කාල සීමාව තුළ ලිංගිකව හැසිරීමෙන් ගැබ් ගන්නේ නැත‘ යන ජනප්‍රිය මතයට පටහැනිව, තවමත් ඔබ ගැබ් ගැනීමේ අවස්ථා තිබේ. ඊට හේතුව වන්නේ ලිංගික එක්වීමේදී පිටවන ශුක්‍රාණුව දින හතක් දක්වා ක්‍රියාකාරී තත්ත්වයේ පැවතීමයි. ඒ අනුව ඔසප් චක්‍රය අනුව වේගයෙන් ඩිම්බ මෝචනය කරන කාන්තාවන් මෙම තත්වය තුළ ගැබ්ගෙන ඇති බව වාර්තා වේ. එබැවින් ආරක්ෂිතව ලිංගිකව එක්වීම සැමවිටම ආරක්ෂිතය. හැකි සෑම විටම කොන්ඩම් භාවිතා කරන්න!

4. ඔසප් රුධිරය හානිකර නොවේ Menstrual Blood Is NOT Harmful

period sex

ඔසප් රුධිරය (menstrual blood) ඔබේ ගර්භාෂයේ යෝනි තරල හා එන්ඩොමෙට්‍රියල් පටල (vaginal fluids and endometrial lining) රැගෙන යන අතර එය ශිෂ්ණයට කිසිසේත් හානිකර නොවේ! එබැවින් ඔසප් රුධිරය පිළිබඳ ඔබේ ඍණාත්මක ආකල්ප වෙනස්කර ගන්න. තව දුරටත් දින කිහිපයක් හෝ ඊට වැඩි ගණනක් ලිංගික ඇසුරින් ඈත්ව සිටීමට ඔසප් සමය තාර්කික හේතුවක් නොවේ. ඒත් අවධානයට ගන්න. කොන්ඩමයක් පැළදීම මෙන්ම පිරිසිදුවට සිටීම ඉතාම වැදගත් හා සෞඛ්‍ය ආරක්ෂිත බව.

2020 ජූනි 20 වැනි දින ෆෙමිනා සගරාවේ පළ වූ ලිපියක් ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි