මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානම්
Spread the love

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පවතින ගැටලු විසඳා නොදෙන්නේ නම් ලබන 29 වැනිදා සිට කොරෝනා මර්දන රාජකාරීවලින්, මැතිවරණයට අදාළ රාජකාරීවලින් සහ බෝ වන රෝග පාලන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.

කොරෝනා වසංගත මර්දනය වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් බිම් මට්ටමින් ඉටුකරනු ලබන රාජකාරීවල දී මතුව ගැටලු නිරවුල් කර දෙන්නැයි සෞඛ්‍ය ඇමතිනිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් තවමත් එම ගැටලු විසඳී නොමැති නිසා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී.යූ උපුල් රෝහණ මහතාගේ අත්සනින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපියේ සදහන් වේ.

එම ලිපිය මාධ්‍ය වෙත ද යොමුකර ඇති අතර එය සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.