2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා පරීක්ෂකවරු තෝරා ගැනීමේ අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත (Online) ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත කරමින් සදහන් කරනවා.
එම නිවේදනයේ සදහන් වන්නේ ප්‍රධාන පරීක්ෂකවරුන් සහ අතිරේක ප්‍රධාන පරීක්ෂකවරුන්/ සහකාර පරීක්ෂකවරුන් සඳහා වන අයදුම්පත්‍ර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස මාර්ගගත (Online) ක්‍රමයට සම්පූර්ණ කළ යුතු බවයි.
අනතුරුව එම අයදුම්පත්‍රය බාගත කර ලබා ගත් මුද්‍රිත පිටපතේ ඉතිරි කොටස් සම්පූර්ණ කර ආයතන ප්‍රධානියා මඟින් 2020.07.10 දිනට පෙර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් (පාසල් විභාග) ශාඛාව වෙත ලැබීමට සැළැස්විය යුතු බවත් මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා 0112785231 අංකය හෝ 1911 ක්ෂණික දුරකථන අංකයට ඇමතිය හැකි බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසනවා.