කොරෝනා වසංගතය නිසා සිදු වුණ බලවත් දුෂ්කරතාවක් වන්නේ මුහුණු ආවරණයක් පැළද ගෙන පොදු අවකාශයට යාමට සිදුවීමයි. මේ නිසා බොහෝ දෙනකුට අනෙකාව හදුනා ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා වාගේම තම සුන්දරත්වය පෙන්වීමට ද නොහැකි වී තිබෙනවා.
මේ තත්ත්වය තුළ ලිප්ස්ටික්, සුවද විලවුන් වගේ දේවල් තරමක් දුරස් බවයි පෙනී යන්නේ.
ඒත් තමන්ගේ සුන්දරත්වය, සුවද පෙන්වීමට වඩා සෞඛ්‍ය ආරක්ෂාව ඉතාම වැදගත් නිසා ඔබ අනිවාර්යයෙන්ම පොදු අවකාශයට යන විට මුහුණු ආවරණයක් පැළද යා යුතුයි.
මේ තත්ත්වය තුළ ලිප්ස්ටික් ගැන කතා කිරීම කිසිම පළක් නැති කතාවක් වෙන්න පුළුවන්. ඒත් අපි බොහෝ දෙනෙක් අගුළු දැම්මා කියලා හෝ මුහුණු ආවරණ පැළද යාමට සිදු වුණා කියලා සුපුරුදු රූපලාවන්‍ය ක්‍රම අත්හැරලා නැහැ. ඒ නිසා අපි හිතුවා ලෝකයේ සුන්දරතම හා ජනප්‍රිය තරු කිහිප දෙනෙක්ගේ ලිප්ස්ටික් විලාසිතා කිහිපයක් ඔබට ඉදිරිපත් කරන්න. එහි විශේෂත්වය වන්නේ මේ තොල් ආලේපන සියල්ල ඔබ වඩාත් කැමැති ‘රතු‘ පැහැති ඒවා වීමයි.
මුහුණු ආවරණ පැළද යාමට සිදු වුණත් ඔබේ ලබැදියන් හමුවේ මුහුණු ආවරණ ඉවත් කරන නිසා බලන්න ඔවුන්ව කුල්මත් කිරීමට ඔබටත් මේ රතු තොල් කොතරම් වැදගත් වේද කියලා.















ෆෙමිනා ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි