අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
විදේශ සබදතා අමාත්‍යාංශය පවසන්නේ ඊයේ (29) සවස පැවති දුරකථන සංවාදයක දී ද්විපාර්ශ්විකව වැදගත් වූ කරුණු පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සාකච්ඡා කළ බවයි.
කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව ප්‍රතිචාර දැක්වීමේ දී, එක්සත් ජනපද-ශ්‍රී ලංකා සහයෝගිතාව, එක්සත් ජනපදයට පුද්ගලික ආරක්ෂක උපකරණ සැපයීම, ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් උපකරණ පිරිනැමීම සහ කොවිඩ් ආශ්‍රිත ද්විපාර්ශ්වික ආධාර ලෙස ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 5.8 ක් වන ආර්ථික ප්‍රතිසාධන සහය, ආරක්ෂක කටයුතු, ත්‍රස්තවාදයට එරෙහි වීම සහ ජාත්‍යන්තර ආර්ථික සහයෝගීතාව යන කරුණු මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ බවයි විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කළේ.
එම්.සී.සී. ගිවිසුම පිළිබඳ සමාලෝචන වාර්තාව සහ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා විසින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළ අතර, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන හා නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලි සඳහා ලබා දුන් සහයෝගය වෙනුවෙන් එක්සත් ජනපදයට ස්තූතිය පුද කළේය.