රූපලාවණ්‍ය හැකියාවන් ගැන ‘පුරසාරම් දොඩන මල්’

රූපලාවණ්‍ය හැකියාවන් ගැන ‘පුරසාරම් දොඩන මල්’
Spread the love

Stop and smell the roses’ exists? යන වාක්‍ය ඛණ්ඩය පවතින්නේ මන්දැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද?

අගුළු දැමීම නිසා අපට ලැබී ඇති අවිවේකයෙන් තොර කාලය බොහෝ දේවල් ගැන කල්පනා කිරීමටත් විමසා බැලීමටත් අවස්ථාව උදා කර දී තිබෙනවා. නැවත මල් ගැන කතා කරන්නේ නම් මල් කියන්නේ වචනවලට පෙරළිය නොහැකි අපූරු කතාවක්.

ඒ වගේම මල් යනු ස්වභාව ධර්මයේ සුන්දරම පරිත්‍යාගය බවටත් කිසිම සැකයක් නැහැ. ඔබ තව දුරටත් ඒ ගැන කල්පනා කරන්නේ නම් මල් නැති නම් ලෝකයක් නැහැ. ඇත්තටම ජීවයේ පදනම වන්නේ මල් තමයි. හරි අපි ඒ ගැනත් අමතක කරමු.

මල් ඔබට තවත් පැත්තකින් වැදගත් වෙනවා. ඒ ඔබේ රූපලානව්‍ය වර්ධනය කර ගැනීමට. මල් වලින් නිපදවන තෙල්, ආලේපන, බාම් ආදි නොයෙකුත් නිෂ්පාදන ඔබේ සුන්දරත්වය වර්ධනය කර ගැනීමට කොතරම් දේ ලබා දෙනවාද ? මේ නිසා අපි කල්පනා කළ ඔබ හොඳින් දන්න කියන මල් වර්ග කිහිපයක් ඔබට ලබා දෙන රූපලාවන්‍ය ප‍්‍රතිලාභ ගැන යළි මතකය අවධි කරන්න…

මල් අලංකාරය

රෝස් – රෝස මල ගැන නොදන්න… ඊට ආදරය නොකරන කිසිවෙක් ලෝකයේ නැහැ. ලොව පුරා ආදරයේ සංකේතයක් ලෙස සැලකෙන රෝස රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ වැඩිපුරම භාවිතා වන මල් වලින් එකක්. ඔබ දැනටමත් ‘රෝස වතුර’ ගැන දැනුවත්ව ඇතිවාට සැකයක් නැහැ.

රෝස වතුර කියන්නේ ඕනෑම අයෙකුගේ සමට අගනා ප‍්‍රතිකාරයක්. රෝස වතුර වගේම ඒ මගින් නිෂ්පාදනය කරන තෙල් සම සහ හිසකෙස් මෘදු ලෙස තෙතමනය කරන අතර ගිනි අවුලුවන සම සමනය කරනවා. ඒ වගේම රෝස ආශ‍්‍රිත නිෂ්පාදන ඇඟ ගැල්වීම මගින් සිත් ඇදගන්නා සුවඳක් ලබා ගත හැකියි.

මේ අතර කුරුලෑ ඇති විය හැකි සම සඳහා PH අගය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට රෝස උපකාර වෙනවා. රෝස් වතුර තෙල් සහිත හිස්කබලේ තත්වය පාලනය කිරීමට සහ හිසේ කැක්කුම සමනය කිරීමට දායක වෙනවා.

මල් අලංකාරය

ජැස්මින් – වඩාත් සුවඳවත් මල් වලින් එකක් වන ජැස්මින් රූපලාවණ්‍ය ප්‍රතිලාභ රැුසක එකතුවක්. ජැස්මින් තුළ වයස්ගතවීම වළක්වන ගුණයක් ඇති අතර සම රැුළිවැටීම, දුර්වල වීම වළක්වන ගුණයක් ඇති බව කියනවා. ජැස්මින් මල් සහිත තෙල්, ක්‍රීම් හෝ සාරය වියළි සමට අගනා ඔසුවක් වන අතර සමේ තෙතමනය පවත්වා ගැනීමට එය ඉහළ දායකත්වයක් ලබා දෙනවා.

ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ජැස්මින් ඔබේ සම විවිධ ආසාදනවලින් ආරක්ෂා කිරීමට උපකාරී වන අතර කොණ්ඩා මෝස්තර සඳහා භාවිතා කරන විටල ජැස්මින් මගින් හිස කෙස් ශක්තිමත් කරනවා. එපමණක් නොවෙයි එමඟින් හිසකෙස් සඳහා දීප්තිය ලබා දීම සහ හිසකෙස් කැඩී බිඳී යාම පාලනය කරනවා. වඩාත් කෙටියෙන් දක්වන්නේ නම් ජැස්මින් යනු සම සහ හිසකෙස්වලට විස්මිත රැකවරණයක් හා ගුණයක් ලබා දෙන මල් වර්ගයක්.

මල් අලංකාරය

Marigold – සමෙහි හට ගන්නා දද (rashes) නැතහොත් කුෂ්ඨ වලට ප්‍රතිකාර කිරීමේදී අංක එකේ සම සුව කිරීමේ ඔසුවක් ලෙස සැලකෙන අතර කැළැල් සහ අඳුරු පැල්ලම් මැකී යාමේ ලාභදායී ක්‍රමයක් ලෙස ද කීර්තියක් දිනාගෙන ඇත.

Marigold නිරෝගී නව සමේ ​​පටක වල වර්ධනය වේගවත් කිරීම සහ සමේ හානියට පත් ප්‍රදේශවලට රුධිර සංසරණයට උපකාරී වන අතර සම පැහැපත් පෙනුමක් ඇති කොලජන් නිෂ්පාදනය වැඩි කරයි. මැරිගෝල්ඩ් ආලේපිත ආමන්ඩ් තෙල් මෙම මලෙහි ප්‍රතිලාභ ලබා ගැනීමට හොඳ ක්‍රමයකි.

මල් අලංකාරය

ලැවෙන්ඩර් Lavender– ලැවෙන්ඩර් තෙල් අතිෂය ජනප්‍රිය රූපලාවන්‍ය නිෂ්පාදනයකි. සම සහ හිසකෙස් වල නිරෝගීභාවයට වැදගත් කාර්යභාරයක් ඉටුකරන අතර සමේ රැළි අඩු කිරීම, සම සැහැල්ලු කිරීම, කුරුළෑ වළක්වා ගැනීම, හිසකෙස් වියළීමෙන් වළක්වා ගැනීම, සම පිරිසිදු කිරීමට සහ ආහාර දිරවීමට ද උපකාර කරයි.

ලැවෙන්ඩර් සුවඳ සංවේදීතාවන් සන්සුන් කරන බව කියනු ලැබේ, එබැවින් හොඳ රාත්‍රී නින්දක් සදහා හෝ මානසික ආතතියෙන් සහනයක් ලබා ගැනීම සදහා ලැවෙන්ඩර් භාවිතය අතිෂය සුදුසුය.

මල් අලංකාරය

වදමල් – වදමල් මල් මගින් සමේ මියගිය සෛල ඉවත් කර නව සෛල වර්ධනය වැඩි දියුණු කිරීමෙන් ඔබේ සම පිරිසිදු කර ගත හැකිය. වයස් ගත වීම සමග ඇතිවන ලප මැකී යාමටත්, තරුණ, සිනිඳු පැහැයක් ලබා දීමටත් එය ඵලදායී යැයි කියනු ලැබේ. 

හිසකෙස් සඳහා වදමල් මගින් සැලසෙන වාසි ද අතිමහත් ය. හිසකෙස් සේදීම හ‍ෙ තෙල් ස්වරූපයෙන් හිසකෙස් රැකවරණය සඳහා භාවිතා කරන විට, එය හිසකෙස් වර්ධනයට අනුබල දෙයි, දීප්තිය එක් කරයි, මෘදු කරයි.

Femina ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි