ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිට පිළිතුරක් හා ප්‍රශ්නාවලියක්


වසන්ත අල්විස් මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය
‘ලංකාවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍ය බව පසුගිය සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති අතර ඔහු එහි දී ලෝක මට්ටමෙන් දේශීය වෛද්‍ය පීඨ වලටත් පිළිගත් ප්‍රමිතියක් නොමැති බවටත් පවසා ඇත.
තව දුරටත් කරුණු ප්‍රකාශ කරමින් වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් සදහන් කර ඇත්තේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම මගින් වෛද්‍ය උපාධිය හැදෑරීම සදහා ළමුන් පිටරට යෑම සහ ආචාර්ය – මහාචාර්යවරුන් පිටරට යාම වළක්වා ගැනීමට හැකියාව ලැබෙන බවයි.
මෙහිදී තවත් කරුණක් හෙළිකරමින් වෛද්‍ය සභාවේ සභාපතිවරයා කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආචාර්ය – මහාචාර්යවරුන් මැලේසියාවේ වෛද්‍ය පීඨ වල උගන්වන බවයි.
වෛද්‍ය සභාවේ සභාපතිවරයා විසින් සදහන් කරන පරිදි ප්‍රමිතියක් නැති ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි වන ආචාර්ය මහාචාර්යවරුන් මැලේසියාව වැනි ඉතා දියුණු රටක් තමා රටේ දරුවන්ට ඉගැන්වීමට ලබා ගන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුව ඇත.

- එසේම සයිටම් පෞද්ගලික ආයතනයේ ආරම්භයේ දී එම හොර උපාධි කඩය වෙත ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ආචාර්ය මහාචාර්යවරුන් 16 දෙනෙක් එම පීඨය හැර යාමෙන් ඇති වූ අර්බුදය අදාල මහාචාර්ය වරයා නොදන්නේද ?
- එසේ ම අදටත් මේ රටේ යාපනය, නැගෙනහිර, රජ රට, වයඹ, සබරගමුව පීඨ සඳහා ආචාර්ය මහාචාර්යවරුන් හිඟ බව ඔහු නො දන්නේ ද ?
- එසේ ම පැරණි වෛද්‍ය පීඨයක් වන යාපනය වෛද්‍ය පීඨයට මේ වන තුරු මහාචාර්ය ඒකකයක් ලබා නොදුන්නේ මන්ද ?
- ගුරුවරු නොමැතිකම්න් මේ රටේ වෛද්‍ය පීඨ අර්බුදයකට ලක්ව ඇති බව අදාළ මහාචාර්ය වරයා නොදන්නේද ? නැතහොත් කන්න ඕන උනාම කබරගොයාත් තලගොයා ලෙස පෙනෙන්නේ ද ?
එසේ ම අදටත් මේ රටේ වෛද්‍ය පීඨ වල ආචාර්ය මහාචාර්ය හිඟය උග්‍ර ව පවතින අතර වෛද්‍ය පීඨ ඕනෑ කියන සම හරක් ආචාර්ය මහාචාර්යවරුන් වෛද්‍ය පීඨවල උගැන්වීම පසෙකට තබා පුද්ගලික රෝහල් වල ප්‍රතිකාර සේවාවල යෙදෙන බව වාර්තා වී ඇත. ඒ හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල පිහිටි වෛද්‍ය පීඨ වඩාත් අර්බුදයකට ලක්ව ඇත.
රාජ්‍ය වෛද්‍ය පීඨ අර්බුදයට ලක් වීමෙන් ඇති වන්නේ මේ රටේ රෝගී ජනතාවගේ ප්‍රතිකාර ලබා ගැනීමේ අයිතිය විනාශ වන අතර ඒ සඳහා වගකිව යුතු වන්නේ කවුද ?
එසේම ලෝක සෞඛ්‍ය දර්ශක ය විමසා බැලීමේ දී අදාළ මහාචාර්යවරයා පවසන ඉන්දියාව නේපාලය බංග්ලාදේශය වැනි රටවල් අපට පිටුපසින් සිටින අතර එම රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇත ඔහු පවසන ආකාරයට එම රටවල් සෞඛ්‍ය දර්ශක අපට වඩා ඉදිරියෙන් සිටිය යුතු මුත් එසේ නො වන්නේ ඇයි නුසුදුසු සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෛද්‍යවරු නිසා නොවේ ද ?
තවද ඔහු එහි දී වෛද්‍ය වෘත්තිය ඉතා ඉහළ ආදායම් උපයන වෘත්තියක් බවට පවසා ඇති අතර මේ රටේ වෛද්‍යවරුන් වැඩියෙන් බිහි වීම සඳහා වෛද්‍යවරුන් වගේ ම වෛද්‍ය ශිෂ්‍යයන් අකමැති බව පවසා ඇත.
වසර තුනක තොරතුරු තාක්ෂණ උපාධියක් සම්පූර්ණ කරන අයෙකු රුපියල් ලක්ෂ පහකට අධික මාසික ආදායමක් උපයන අතර පශ්චාත් උපාධිය පවා සම්පූර්ණ කරන ලද විශ්‍රාම යාමට පවා ආසන්න විශේෂඥ වෛද්‍යවරයකුගෙ ගේ මාසික වැටුප රුපියල් එක් ලක්ෂ අනූ දහසක් පමණ වේ.
එසේ ම මේ රටේ පුද්ගලික සේවාවන්හි නිරතව සිටින්නේ මේ රටේ වෛද්‍යවරුන්ගෙන් අතළොස්සක් වන අතර බහුතරයක් පෞද්ගලික සේවාවන්හි නිරතව සිටින්නේ නැත.
පෞද්ගලික සේවා වන් හි නිරතව සිට තමන්ගේ දරුවන් අපොස උසස් පෙළ අසමත් වූ පසුව අපොස උසස් පෙළ අවැසි නැතැයි පවසමින් තමන් උගත් අධ්‍යාපනයට පවා ගරහන තක්කඩි ආචාර්ය මහාචාර්යවරුන් ගේ පසුබිම විමසුව හොත් ඔවුන් ගේ දරුවන් විදේශයන් හි ඉගෙනුම ලැබු වන බව නිරීක්ෂණය වේ.
එසේම මෙරට කොතලාවල සහ මොරටුව වෛද්‍ය පීඨ සමගින් වෛද්‍ය පීඨ 12ක් ඇති අතර ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වීමෙන් අනතුරුව වාර්ෂික ව වෛද්‍ය සිසුන් දෙදහසක් පමණ අනාගතයේදී වෛද්‍යවරුන් ලෙස එක්වීමට නියමිතව ඇත.
එසේ ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශකයන් පවා අභිබවමින් මෙරට තුළ වෛද්‍යවරුන් සිටින පසුබිමක කෝවිඩ් 19 අර්බුදයේ දී ශ්‍රී ලංකාව පෙන්වා ඇති විශිෂ්ටත්වය තවදුරටත් ඉහළ දමා ගැනීමට නම් මෙරට තුළට නුසුදුසු වෛද්‍යවරුන් එකතු වීම වළක්වා රාජ්‍ය පද්ධතිය තව දුරටත් ශක්තිමත් කළ යුතු කාලයක වෛද්‍ය සභාවේ සභාපතිවරයා පවසන පුද්ගලික වෛද්‍ය විද්‍යාල ලබා දී අපි ඉන්දියාව මෙන් වෙමු.
කොවිඩ් 19 අර්බුදයේ දී ඉන්දියාව බංග්ලාදේශය පකිස්ථානය නේපාලය දෙස බලනු
අනාගතයේ එසේ වීමට අප ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට ඉඩ ලබා දෙමු. එසේම අදාළ මහාචාර්ය වරයා වෛද්‍ය සභාවේ කිසුදු සාමාජිකයෙකුගෙන් විමසීමක් නොකර වෛද්‍ය සභාවේ සභාපති ලෙස ප්‍රකාශ නිකුත් කිරීම වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කිරීමක් වන අතර එයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග වෛද්‍ය සභාවේ සාමාජිකයන් විසින් ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමු.
එසේ ම මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය හා රෝගී ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැපවන සංගමයක සාමාජිකයන් වශයෙන් අප අදාල මහාචාර්ය වරයා ගේ ප්‍රකාශය තරයේ හෙළා දකිමු.
එසේම මෙරට වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිති ගත නැතැයි පැවසීමෙන් ඔහු උගත් වෛද්‍ය පීඨයට හා මෙරට වෙනුවෙන් ඉතා විශිෂ්ට සේවාවක් කර ලෝකය විසින් ඉතා ඉහළින් පිළි ගත් මෙරට වෛද්‍ය පීඨ වලින් බිහි වූ වෛද්‍යවරුන් ට පවා අපහාස කරන අතර අදටත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඉහළ පිළිගැනීමට මෙරට ලක් ව ඇති අවස්ථාවක හා මේ රටේ වෛද්‍යවරුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ වෘත්තිකයන් ලෙස වැඩ කරන කාලවකවානුවක තමන් උගත් වෛද්‍ය පීඨයට තමන් රැකියාව කරන ලද වෛද්‍ය පීඨයට එසේ ම වර්තමානයේ තමන් සේවය කරන වෛද්‍ය සභාවට හා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනය හොඳ නැතැයි පවසමින් මේ රටට කරන ලද අපහාසයට ඔහු තව දුරටත් එම තනතුරේ සිටිය යුතු නැති බව හා ඔහු ඇත්තට ම උගත් මහත්මයෙක් නම් තමන් කරන ලද වරද වෙනුවෙන් වහාම වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව මෙයින් ප්‍රකාශ කරමු.
වසන්ත අල්විස් මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය