ලිංගික ගැටලූ’ අපි කාටත් සුලභ ඇතිවන තත්ත්වයක්. ඒත් ලංකාවේ විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමක් සිදු නොවන නිසා එවැනි අවස්ථාවකදී බොහෝ දෙනෙක් දැඩි ගැටලුවලට මුහුණපානවා. අවිද්‍යාත්මක, මිත්‍යාමය ප‍්‍රතිකාර ලබා ගැනීමට යනවා. එයින් තත්ත්වය තව තවත් සංකීර්ණ වෙලා ගැටලු රැසක් ඇති වෙනවා.
මේ තත්ත්වය කාන්තාවන් සේම පුරුෂයින් ද මුහුණ පාන පොදු තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. ලංකාඊපේ‍්‍රස් – කාන්තා ලෝකය මීට පෙර කාන්තාවන් මුහුණ දෙන සුලභ ලිංගික ගැටලූ ගැන කතා කළා. මෙවර අපි පුරුෂයින් මුහුණ දෙන සුලභ ලිංගික ගැටලු 08ක් සඳහා වෛද්‍ය විද්‍යාත්මක හේතු පැහැදිලි කරනවා.
ප්‍රශ්නය – වෘෂණයේ ඉදිමීම් ඇති වන්නේ ඇයි ?
මෙය විවිධ හේතුන් නිසා ඇතිවිය හැක.
- වෘෂණ වටා, වෘෂණ කෝෂ තුළ තරල එක්රැස්වීම
- හර්නියා
- බරවා රෝගය – මෙවැනි තත්ත්වයන් ඇති වු විට අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
ප්‍රශ්නය – ස්වප්න මෝචනය යනු කුමක් ද?
පිරිමියෙකුගේ නින්දේදී නොදැනුවත්ව සිදුවන ශුක්‍රාණු පිටවීම මෙනමින් හැදින්වේ. එය කිසි ලෙසකින් වත් බිය විය යුතු තත්ත්වයක් නොවේ. එයින් ශරීරයට කිසිදු හානියක් ඇති නොවේ. එසේම මෙය සිරුරේ බර අඩුවීමට කිසිදු බලපෑමක් ඇතිනොකරයි.
ප්‍රශ්නය – පෙර සම පිටුපසට කිරීමට නොහැකි නම් ඒ සදහා කුමක් කළ යුතු ද?
මෙය වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු තත්ත්වයකි. මෙහි දි කුඩා ශල්යකර්මයක් මගින් පෙරසම ඉවත් කිරීම හෙවත් චර්මජේදනය සිදු කල යුතුය.
ප්‍රශ්නය – පෙර සම පිටුපසට කිරීමට නොහැකි වීමෙන් ලිංගික සංසර්ගයේ දී ඇතිවන තෘප්තිය අඩුවෙනවාද?
මෙම තත්ත්වය නිසා වේදනාවක් ඇතිවීමෙන් මෙලෙස සිදුවිය හැකිය.
ප්‍රශ්නය – ශිෂ්ණයේ සම මත විසප්පු ගෙඩි වැනි දියර පිරි බිබිලි ඇතිවීම බියවිය යුතු තත්ත්වයක් ද?
මෙය ඇතැම්විට යම් රෝග තත්ත්වයක ලක්ෂණයක් විය හැක. මේ නිසා මේ පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබාගැනීම සුදුසු වේ.
ප්‍රශ්නය – ශිෂ්ණය සාමාන්‍ය පමණට වඩා කෙටි වීමෙන් ලිංගික සම්බන්ධතාවයක දී ඇතිවන තෘප්තියට බලපෑමක් ඇතිවේද?
නැත. මෙය කාන්තාවන් හා පුරුෂයින් දෙකොටසම අතර පැතිර ඇති මිත්‍යා මතයකි. නමුත් ශිෂ්ණයේ දිග ප්‍රමාණය ලිංගික සංසර්ගයේදි ඇතිවන තෘප්තිය සදහා කිසිදු බලපෑමක් ඇති නොකරයි.
ප්‍රශ්නයථ මුස්ලිම් පුරුෂයන් අතර සිදුවන චර්මඡේදනයේ විද්‍යාත්මක පසුබිමක් තිබේ ද?
මෙය ශිෂ්ණයේ පෙරසම කුඩා ශල්යකර්මයක් මගින් ඉවත් කිරිමෙන් සිදු කරනු ලැබේ. මෙමගින් එම ප්‍රදේශයේ පිරිසිදු බව හා සනීපාරක්ෂාව වැඩි දියුණුවේ. චර්මඡේදනය බහුලව භාවිතා වන ආගමික චාරිත‍්‍රයකි.
ප්‍රශ්නය – ක්ෂණික ශුක්‍ර මෝචනය යනු කුමක් ද?
එනම් ලිංගික සංසර්ගයේ දී ඔබ හෝ ඔබගේ සහකරු බලාපොරොත්තු වන වේලාවට පෙර ඇතිවන ශුක්‍ර මෝචනයයි. බොහෝ විට මෙයට හේතු වන්නේ මානසික ගැටලුය. නමුත් ඇතැම්විට කායික හේතුන්ද මෙයට ඇතුලත් වේ. මේ නිසා මෙවැනි තත්වයනට වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුය. බොහෝ අවස්ථාවල දී මෙය පහසුවෙන් මග හරවාගත හැකි ප්‍රශ්නයක් වන බැවිනි.
Text by – happy Life.lk