මෙහිදී වගකීම් විරහිතව හැසිරෙන ජනතාවට අවවාදයක් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ රට නැවත විවෘත කිරීම සමග අනවශ්‍ය ලෙස සිදුවන ගමනාගමන කටයුතු ඉහළ ගොස් ඇති බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරන බවත්ය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන්නේ කොතැනද එතැනට කොවිඞ් රිංගන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ කන්දකඩු පොකුර පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මෙහිදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ සතියක කාලයක් සඳහා පාසල් වසා දැමීමට පියවර ගත්තේ රට පුරා කොවිඞ් ව්‍යාප්ත වී ඇති නිසා නොව ආරක්ෂිත පියවරක් වශයෙන් බවයි.
‘වර්තමානයේ අපේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය කොරෝනා දෙවැනි රැල්ල ලෙස හඳුන්වනවාට වඩා පොකුරක් ලෙසයි හැඳින්විය යුත්තේ. මීට පෙරත් අප රට තුළ මෙවැනි කොවිඞ් පොකුරු නිර්මාණය වුණා. අපි ඉතා සාර්ථකව ඒවා පාලනය කළා. ඒ ආකාරයෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව නිර්මාණය වී ඇති කොවිඞ් පොකුර පාලනය කළ හැකියි‘
මෙහිදී කන්දකාඩු කඳවුර ආශ්රිත තත්ත්වය ගැන කරුණු හෙළිකරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ එහි දහස් ගණනින් කොවිඞ් ආසාදිතයින් නොමැති බවයි.
‘එහි සිටි ආසාදිතයින් බහුතරය මේ වන විට හඳුනා ගෙන තිබෙනවා’ යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පැවසීය.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සාමාන්‍ය සමාජය තුළ සංචාරණය කර ඇති නිසා ඔවුන් හරහා සමාජයට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ ඉඩක් ඇති බව ද එසේ සම්පේ‍්‍රෂණය වී ඇති නම් ඉදිරි දිනවල දී ආසාදිතයන් සාමාන්‍ය සමාජය තුළින් හමු වීමේ අවධානමක් ඇතැයිද අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙහිදී වගකීම් විරහිතව හැසිරෙන ජනතාවට අවවාදයක් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ රට නැවත විවෘත කිරීම සමග අනවශ්‍ය ලෙස සිදුවන ගමනාගමන කටයුතු ඉහළ ගොස් ඇති බවත් ජනතාව සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කරන බවත්ය.
‘රට නැවත විවෘත කළේ ආර්ථික ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කිරීමට මිස ජනතාවට අනවශ්‍ය ලෙස විනෝද චාරිකා, උත්සව පවත්වන්න නෙමෙයි. මේවා කරන විට ඔවුන් සෞඛ්‍ය උපදෙස් ගැන දක්වන සැලකිල්ල දැඩි ලෙස අඩුකරනවා. එය කිසිසේත් නොකළ යුතු දෙයක්. සෞඛ්‍ය උපදෙස් නොතකා හරින්නේ කොතැන ද එතැනට කොරෝනා රිංගනවා’ යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කීවේය.