‘ඩයනා කුමරිය‘ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ඇය ගැන අපි ඕන තරම් දන්න නිසා. ඒත් ඇයගේ විලාසිතා ගැන නම් ඔබ ‘ඕන තරම්‘ නොදන්න බව අපට සහතිකයි. ඊට හේතුව වන්නේ ඩයනා කුමරිය මිය ගොස් දශක දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් අදත් විලාසිතා ලෝකයේ ‘සුපිරිම තරුවක් ‘ ලෙස ඇය සැලකීමකි.
‘ඇය කිසිසෙත්ම විලාසිතා නිරූපණ ශිල්පිනියක් නොවෙන බව අපි කවුරුත් දන්නවා. ඒත් මේ ලෝකේ සුපිරිම විලාසිතා නිරූපණ ශිල්නිය වන්නේ ඇයයි. ඇය කාලයට වඩා බොහෝ ඉදිරියෙන් සිටි කුමාරිකාවක්. විලාසිතාකාරියක්‘ ඩයනා කුමරියගේ විලාසිතා රුචිකත්වය ගැන තම අදහස් දක්වමින් විලාසිතා විචාරක සහ නිර්මාණ ශිල්පී ලෙවින් ඩි. ජැස්කියෝස් පවසනවා.

‘ මෑත යුගයේ රාජකීයයකු වන වේල්සයේ ඩයනා කුමරිය ඇගේ කාලයට වඩා ඉදිරියෙන් සිටියි. ඇගේ විලාසිතාව එකල අනෙක් කුමාරිකාවන් අනුගමනය කළ අතිෂය සම්ප්රදායික විලාසිතා රටාව රටාව මෙන් නොවීය. ඇයගේ විලාසිතා තේරීම් සමඟ අවදානමක් ද ගැනීමට ඇයට සිදුවිය. එවැනි අවස්ථාවලදී ඇය අතිෂය දරුණු හා අතිශය නිර්භීත තීන්දු ගත්තා‘ ඔහු වැඩි දුරටත් පවසනවා.
චාල්ස් කුමරු තමාට වංචා කළ බව ඇය ජාතික රූපවාහිනියෙන් ලෝකයාට ප්රකාශ කළ දින ඇය සැරසී සිටි off-shoulder, risqué black revenge dress (උරහිස් නිරාවරණය කළ කළු පළිගැනීමේ ඇඳුම) සෑම කෙනෙකුම සිහිපත් කරයි. එය ඇගේ විලාසිතාවේ ගමනේ සුවිශේෂී අවස්ථාවක් බවට පත්විය.

ඇය නිර්දෝෂ රසය (impeccable taste) ඇති කාන්තාවක් වූ අතර ඇය ඇඳ සිටි ආකාරය ඒ බව මුළුමනින්ම පිළිබිඹු කරයි. එය මීට පෙර වෙනත් රාජකීයයන් මෙන් නොවීය. ඇය ඇගේ මනාපය අනුව රාජකීය විලාසිතාවන් කෙටුම්පත් සකස් කළාය. එසේම, ඇයගේ විලාසිතා සහ පෙනුම අදටත් අදාළ වන අතර ඒවා පහසුවෙන් ‘සම්භාව්‘ය ලෙස හැඳින්විය හැකිය.
ඩයනා කුමරිය ආ ගිය සෑම අවස්ථාවකදීම, එය රාජකීය සංචාරයක් වේවා, ප්රිය සාදයක්, ක්රීඩා උත්සවයක්, සමාජ සත්කාරයක් වේවා ඒ සෑම අවස්ථාවකදීම ඇයගේ විලාසිතා කාගෙන් නෙත් පැහැර ගත් අතර ඡායාරූප ශිල්පීන්ගේ කැමරා කාර්ය බහුල කළේය.
ඩයනා කුමරියගේ හදිසි අභාවය (අගෝස්තු 31 වැනිදා) සිදු වූ බැවින් ලෝකය පුරා මේ සුන්දර කුමරිය ගැන සැමරුම් පැවැත්වීමට නියමිතය. ඒ නිසාම අප ද ඇය වෙනුවෙන්, ඇයගේ සදානුස්මරණීය විලාසිතා එකතුවක් වෙනුවෙන් මේ පිටුව වෙන් කළෙමු.
ඩයනා කුමරියගේ සුපිරිම විලාසිතා එකතුව දැන් ඔබටත් රස විදිය හැකිය. යල් පැන යාමක් නොමැති නිසා පහසුවෙන් ම අනුකරණය කළ හැකිය.










Text and Pictures by Femina.in – by – Thushadhavi