නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි

නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දෙයි
Spread the love

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින ඓතිහාසික කැළණිය රජමහා විහාරස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.  මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර 2004, 2018 සහ 2019 යන වර්ෂවල අවස්ථා 03කදී අග්‍රාමාත්‍ය ධුරයට පත්ව ඇති අතර අද දිවුරුම් දෙන ලද්දේ සිව්වන වරටයි.