- දරුවෙකු ලෙස හෝ තරුණයෙකු ලෙස පිළිකාවක් තිබීම වයසට යාම අවුරුදු 25කින් වේගවත් විය හැකිය
- එක්සත් ජනපද පර්යේෂකයන් තරුණ වියේදී පිළිකා වැළඳී දිවි ගලවා ගත් 60 දෙනෙකු මෙම පරීක්ෂණයට දායක කරගෙන ඇත.
- වයස්ගත වීමේ රෝගීන්ගේ මට්ටම් සමාන වයස්ගත පිළිකා වලින් තොර පුද්ගලයින්ට වඩා අවුරුදු 35ක් ඉදිරියෙන් සිටියි

දරුවෙකු හෝ තරුණ වැඩිහිටියෙකු ලෙස පිළිකාවක් තිබීම වයස්ගත වීමේ ක්‍රියාවලිය අවුරුදු 25 කින් පමණ වේගවත් කළ හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පර්යේෂකයින් විසින් කුඩා අවධියේ පිළිකාවට ගොදුරු වී දිවි ගළවා ගත් 60 දෙනකු සමීක්ෂණයට ලක්කර ඇත.
ඇමරිකානු පිළිකා සංගමය විසින් මෙහෙයවන ලද මෙම පර්යේෂණය පිළිකා සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම රෝගීන්ගේ සෛලවල p16INK4a නම් ප්‍රධාන වයස්ගත ප්‍රෝටීනයක මට්ටම් පිළිකා නොමැති සමාන වයස්වල පුද්ගලයින් සමඟ සංසන්දනය කළහ. පිළිකා වලින් පෙළෙන රෝගීන්ගේ සෛලවල වයස්ගත වීමේ මට්ටම පිළිකා රහිත රෝගීන්ට වඩා අවුරුදු 35ක් ඉදිරියෙන් සිටින බව එක්සත් ජනපද පර්යේෂකයෝ සොයා ගත්හ. මෙවැනි රෝගීන් පසුකාලීන ජීවිතයේ දුර්වලතා හෝ ආබාධිත තත්වයට පත්වේ.
සාමාන්‍යයෙන් පිළිකා ඇතිවීම සහ රසායනික චිකිත්සාව ඇතුළු දරුණු ප්‍රතිකාර ක්‍රම අවුරුදු 25කින් පමණ වයස්ගත වීමේ ක්‍රියාවලිය වේගවත් කරන බව සොයා ගන්නා ලදී.
උතුරු කැරොලිනා විශ්ව විද්‍යාලයේ ප්රමුඛ කතුවරයා වන ආචාර්ය ඇන්ඩෘෘ ස්මිටර්මන් පැවසුවේ ‘මෙම සොයාගැනීම් පසුකාලීන ජීවිතයේ දුර්වලතා හෝ ආබාධිත තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් ඇති පිළිකා රෝගයෙන් පෙළෙන අය හඳුනා ගැනීමට උපකාරී වන බවයි’
පිළිකා ප්‍රතිකාරයේ මුල් වයස්ගත බලපෑම් අවම කිරීම අරමුණු කරගත් ප්‍රතිකාර ක්‍රම අධ්‍යයනය කිරීම සඳහා මෙය ප්‍රයෝජනවත් බව ඔප්පු කළ හැකි බව ඔහු පැවසීය.
රසායනික චිකිත්සාව p16INK4a නිෂ්පාදනය වැඩි කිරීමෙන් වයස්ගත වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ඉඩ ඇති අතර එමඟින් සෛල බෙදීම මන්දගාමී වේ.
Text by Daily mail – සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ