සුපිරි හෙළිවුඩ් නිළියක වන කිම් කාර්ඩාෂියන් වෙස්ට් – Kim Kardashian West සහ තවත් ප්‍රසිද්ධ පුද්ගලයින් දුසිම් ගණනක් “වෛරය, ප්‍රචාරය සහ වැරදි තොරතුරු – “hate, propaganda and misinformation” පැතිරවීමට විරෝධය දැක්වීම සඳහා තම සමාජ මාධ්‍ය ගිණුම් ඉවත් කර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

“සමාජ මාධ්‍යවල බෙදාගෙන ඇති වැරදි තොරතුරු බරපතල ලෙස බලපායි” යනුවෙන් කර්ඩාෂියන් වෙස්ට් ඊයේ (15) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියාය.
මෙම පියවර සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් සංවිධානය කරන ලද #StopHateforProfit ව්‍යාපාරයේ කොටසකි.
කීර්තිමත් පුද්ගලයින් අද (16) පැය 24 ක් ඔවුන්ගේ ගිණුම් අත්හිටුවනු ඇත.
“වෛරය, ප්‍රචාරය සහ වැරදි තොරතුරු පැතිරවීමට මෙම වේදිකා දිගින් දිගටම ඉඩ දෙන අතර මට තව දුරටත් නිහඬව සිටිය නොහැකියි. සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු හුවමාරු වීම අපගේ මැතිවරණයට (ඇමෙරිකානු ජනාධිපතිවරණයට) බරපතල බලපෑමක් ඇති කරන අතර අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට වළ කපයි.
වර්ජනය සඳහා සහභාගී වීමට එකඟ වූ අනෙකුත් ජනප්‍රිය පුද්ගලයින් අතර නළු ලෙනාඩෝ ඩිකැප්‍රියෝ, සාචා බාරොන් කොහෙන් සහ ජෙනිෆර් ලෝරන්ස් මෙන්ම ගායක කැටි පෙරී ද වේ.
“මෙම වේදිකාවන් මගින් ද්වේෂ සහගත තොරතුරු සපයන අතර මට නිකම් ඉඳගෙන සිටිය නොහැක” යනුවෙන් පෙරී ඉන්ස්ටග්‍රෑම් හි ලියා තිබේ.
මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් සිටින සහ වර්ජනයට එක්වන නළු ඇෂ්ටන් කුචර් පැවසුවේ “මෙම මෙවලම් ගොඩනඟා ඇත්තේ වෛරය සහ ප්‍රචණ්ඩත්වය පැතිරවීම සඳහා නොවන” බවයි.

ජුනි මාසයේදී දියත් කරන ලද #StopHateforProfit ව්‍යාපාරයේ සංවිධායකයින්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෛරී කතා සහ වැරදි තොරතුරු නැවැත්වීමට ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරති.
මෙම කණ්ඩායම ෆේස්බුක් වෙත ද අවධානය යොමු කර ඇති අතර මේ වන විට ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය ද දරන ෆෙස්බුක් සමාගම පසුගිය වසරේදී ඩොලර් බිලියන 70 කට වෙළඳ දැන්වීම් ආදායමක් ලබා ගත්තේය.
වර්ණ ගැන්වූ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වූ ජාතික සංගමය (එන්ඒඒසීපී) සහ අපහාස-විරෝධී ලීගය‘ – The National Association for the Advancement of Colored People (NAACP) and the Anti-Defamation League (AD) ඇතුළු ව්‍යාපාර සහ ප්‍රධාන සිවිල් අයිතිවාසිකම් කණ්ඩායම් දහස් ගණනක් මෙම ව්‍යාපාරයට අත්සන් තබා ඇත.
“අපි ඉක්මනින්ම ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම ඵලදායී මැතිවරණයක් කරා ළඟා වෙමින් සිටිනවා,” කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“ෆේස්බුක් හි අනවසර හා නොපැහැදිලි ‘වෙනස්කම්’ අපගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අවශ්‍ය දේට වඩා භයානක ලෙස අඩුවෙමින් තිබේ.”

ජුනි මාසයේදී ෆේස්බුක් කියා සිටියේ හානිකර හෝ නොමඟ යවන සුළු පෝස්ට් ඔවුන්ගේ ප්‍රවෘත්ති වටිනාකම සඳහා ලේබල් කරන බවයි.
“නිශ්චිත ජාතියක්, ජනවාර්ගිකත්වයක්, ජාතික සම්භවයක්, ආගමික බැඳීමක්, කුලයක්, ලිංගික දිශානතියක්, ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවයක් හෝ සංක්‍රමණික තත්වයක් ඇති පුද්ගලයින්” අන් අයට තර්ජනයක් යැයි කියමින් දැන්වීම් පළ කිරීම සමාජ මාධ්‍ය සමාගම විසින් තහනම් කරන බව නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පැවසීය.
“2020 මැතිවරණය මේ වන විටත් උණුසුම් වෙමින් තිබෙනවා” ඔහු ප්‍රකාශ කර තිබේ. “මේ මොහොතේදී, ෆේස්බුක් සෑම කෙනෙකුටම ආරක්ෂිතව සිටීමට සහ දැනුවත් වීමට උපකාර කිරීම සඳහා අමතර පූර්වෝපායන් ගනු ඇත.”
නමුත් #StopHateforProfit ව්‍යාපාරය තවත් බොහෝ දේ කළ යුතු යැයි ඉල්ලා සිටි අතර සමාගම් 90 කට වැඩි ප්‍රමාණයක් පසුව එහි උත්සාහයට සහය දැක්වීම සඳහා ෆෙස්බුක්හි වෙළඳ දැන්වීම් නවතා දැමීය.
වර්ජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් හි කොටස් විශාල ලෙස පහත වැටුණු අතර එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කළේ සකර්බර්ග්ගේ පුද්ගලික ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 7.2 ක් කපා දමා ඇති බවයි.
ලොව පුරා නියාමකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ෆේස්බුක් හි පමණක් නොව සියලු සමාජ මාධ්‍ය වේදිකාවල වෛරී කථනයේ වර්ධනය ගැන සැලකිලිමත් වන අතර බොහෝ රටවල් තාක්‍ෂණ සමාගම් මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව විමසීම් ආරම්භ කරති.
2020 සැප්තැම්බර් 16 දින බී.බී.සී. වාර්තාවකි. සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ