චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස පානීය ජල බෝතල් අලෙවි සමාගමක හිමිකරුවෙක් වන ෂොං ෂාන්ෂාන් Zhong Shanshan පත්ව සිටිනවා. ඒ අනුව දීර්ඝ කාලයක් චීනයේ ලොකුම ධනපතියා බවට පත්ව සිටි ‘අලිබබා’ හිමිකරු ජැක් මා දෙවැනි තැනට පත්වෙනවා.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ෂන්ෂාන් සතු වත්කම ඩොලර් බිලියන 58.7ක්.
ෂොං ෂාන්ෂාන් 1996 දී චීනයේ නැගෙනහිර වෙරළ තීරයේ ෂෙජියැන්ග් පළාතේ Nongfu Spring ආරම්භ කළ අතර ඔහු ඉතා කෙටි කාලයක් තුළ සාර්ථකත්වය අත්පත්කර ගත්තා.
ඔහුගේ බෝතල් කළ ජල සමාගමෙහි මෑත කාලීන කොටස් වෙළඳපොළ වර්ධනය සහ එන්නත් නිෂ්පාදන ආයතනයක කොටස් හිමිකම ඔහුගේ ධනය ඉහළ නැංවීමට උපකාරී වුණා.
පසුගිය අපේ‍්‍රල් මාසයේදීල ෂොං බීජිං වන්ටායි ජීව විද්‍යාත්මක ඖෂධ
සමාගමක කොටස් විශාල ප්‍රතිශතයක් අත්පත්කර ගත්තා. ඒ සමග අගෝස්තු මාසය වන විට ඔහුගේ සමස්ත ධනය ඩොලර් බිලියන 20ක් තරම් වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඖෂධ සමාගම පවසන්නේ කොවිඩ් -19 සමඟ සටන් කිරීම සඳහා අපේක්ෂක එන්නතක් නිපදවීම සඳහා විශ්ව විද්‍යාල දෙකක් සමඟ හවුල් වී ඇති බවයි.
‘ Lone Wolf යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ෂොන්ග් මේ සමග ඉන්දියාවේ මුකේෂ් අම්බානිට පසුව ආසියාවේ දෙවන ධනවත්ම පුද්ගලයා බවට පත් වෙන අතර ලොව හොඳම ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවේ 17 වන ස්ථානයට හිමිකම් කියනවා.
text by bbc