මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද (24) දින අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූයේය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහත හා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අතර මෙම හමුව පැවැතියේ විජේරාම අග්රාමාත්ය නිල නිවසේදීය.
එහිදී අග්රාමාත්යවරයා සහ මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහක ද නිරත වූහ.


