කොවිඩ්-19 ආසාදිත කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 246 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 569ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

