ශ්‍රී ලංකාවේ 17 වැනි කොවිඩ් ආසාදිත මරණය අද (27) ප.ව 1.30ට පමණ අයි.ඩී.එච්. රෝහලේදී සිදු වූ බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද ප.ව 01.35ට නිකුත් කළ නිවේදනයක සදහන් වේ. මෙසේ මිය ගොස් ඇත්තේ ජාඇළ ප්‍ර දේශයේ පදිංචි 41 වියැති පුද්ගලයෙක් බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

