නව තානාපතිවරුන් හත් දෙනෙකුට උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය

Spread the love

විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය ඊයේ (09) හිමිවිය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී  උසස් නිලතල පිළිබද කාරක සභාව අද පස්වරුවේ රැස්විය.

  1. අහමඩ්.ඒ ජවාඩ් මහතා  සෞදි අරාබියේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද
  2. අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙස ද
  3. දර්ශන පෙරේරා මහතා ස්වීඩනයේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද
  4. එම්. කේ පද්මනාදන් මහතා ඊජිප්තුවේ ශ්‍රි ලංකා තානාපතිවරයා ලෙසද
  5. එස්.ඩී.කේ සේමසිංහ මෙනවිය පෝලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙස ද
  6. සී.ඒ චාමින්ද. අයි කොලොන්නේ මහත්මිය තායිලන්තයේ ශ්‍රි ලංකා තානාපතිවරිය ලෙසද
  7. එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා කැනඩාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස්වරයා ලෙසද පත්වීමට අදාළ අනුමැතිය ද මෙහිදී ලැබිණි.