රුසියානු ‘Sputnik-V’ එන්නතත් සාර්ථකයි

රුසියානු ‘Sputnik-V’ එන්නතත් සාර්ථකයි
Spread the love

Covid-19 මර්දනය වෙනුවෙන් රුසියාව විසින් සංවර්ධනය කරනු ලැබූ ‘ස්පුට්නික් 5 – Sputnik-V ’ එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි එහි පර්යේෂකයෝ අද (24) නිවේදනය කළහ.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය වන ගමලෙයා සහ රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ද එන්නත සාර්ථකත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි.

ස්පුට්නික්-5 එන්නතේ සායනික අත්හදා බැලීම්වල දෙවැනි අන්තර්කාලීන විශ්ලේෂණ දත්ත නිකුත් කරමින් පර්යේෂකයින් සදහන් කළේ පළමු මාත්‍රාව ලබාදීමෙන් දින 42කට පසු ලබාගත් මූලික දත්ත ලබාගනිමින් එම විශ්ලේෂණ සිදුකළ බවයි.

මේ වන විට එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්න (70%) සහ ඇමෙරිකානු මොඩර්නා (95%) සහ Pfizer යන සමාගම් විසින් සාර්ථක එන්නත් නිෂ්පාදනය කර ඇත.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය වන ගමලෙයා සහ රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ද එන්නත සාර්ථකත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබිණි.