සිඩ්නි නුවරින් වාර්තාගත උණුසුමක්

සිඩ්නි නුවරින් වාර්තාගත උණුසුමක්
Spread the love

ඊයේ (28) සිඩ්නි නුවර උණුසුම්ම නොවැම්බර් රාත්‍රිය වාර්තා කළ බව බී.බී.සී වාර්තාවක සදහන් වේ. සිඩ්නි නගරයේ අවම රාත්‍රී උෂ්ණත්වය 25.4C ලෙස සටහන් වූ අතර අද (29) දින දිවා කාලයේදී 40C දක්වා ඉහළ ගියේය.

සිඩ්නි හි වාර්තාගත උෂ්ණත්වය මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කයේ නිරීක්ෂණාගාරය වන ‘හීල්‘  (Hill in the Central Business District) හි වාර්තා විය. 04:30 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා ඉහළ ගොස් ඇති බව සිඩ්නි මෝනිං හෙරල්ඩ් වාර්තා කරයි. හිල් හි මීට පෙර වාර්තාව 1967 දී සෙල්සියස් අංශක 24.8Cක් විය.

ගිම්හානයේ නිල ආරම්භය තව දින කිහිපයක් තිබියදී ඉහළ ගිය උෂ්ණත්වය ගැන කාලගුණ විද්‍යාඥයින්ගේ දැඩි අවධානය යොමු වී ඇත.

අඟහරුවාදා උණුසුම් කාලගුණය අනාවැකි පළ කිරීමත් සමඟ නිව් සවුත් වේල්ස් හි ස්ථාන රැසක මේ වන විටත් ලැව්ගිනි හටගෙන තිබේ.

වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්තවල ද සති අන්තයේ තාපය ඉහළ යන බව වාර්තා විය.

“නොවැම්බරය බොහෝ ආකාරවලින් අසාමාන්‍ය වී ඇත. අප දැක ඇත්තේ අපගේ සාමාන්‍ය වර්ෂාපතනයෙන් අඩක් පමණ වන අතර එය අපගේ වාර්තාගත උණුසුම්ම මාසවලින් එකක් විය හැකි ය” යනුවෙන් කාලගුණ විද්‍යා කාර්යාංශයේ (Bureau of Meteorology – BOM) ප්‍රකාශකයෙන් පසුගිය සිකුරාදා සඳහන් කළේය.

සිඩ්නි නුවර ඡායාරූපවලින් දැක්වෙන්නේ විශාල ජනකායක් වෙරළට පැමිණෙන බවයි.

කොරෝනා වෛරස් පැතිරීම වැළැක්වීම සදහා සමාජ දුරස්ථ රෙගුලාසි අනුගමනය කරන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජනතාවට මතක් කරදී තිබේ.

මිනිසුන් සහ ඔවුන්ගේ බල්ලන් සිසිල් කිරීම සඳහා ජලයේ ගිලී යයි
සමාජ දුරස්ථ නීති රීති පිළිපැදීමට ජනතාවගෙන් ඉල්ලා ඇත

උතුරු නිව් සවුල් වේල්ස් සහ ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ සමහර ප්‍රදේශවල දින පහක් හෝ හයක තාප තරංගයක් BOM විසින් පුරෝකථනය කර ඇත.

ග්‍රාමීය ගිනි නිවීමේ සේවය –  Rural Fire Service (RFS) නිව් සවුත් වේල්ස් හි නැගෙනහිර සහ ඊසානදිග ප්‍රදේශවල “ දැඩි ගිනි අනතුරු අනාවැකි” ගැන අනතුරු අඟවා තිබේ. 

සිකුරාදා, RFS නියෝජ්‍ය කොමසාරිස් පීටර් මැක්චෙක්නි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ගිනි සැලසුම් සූදානම් කරන ලෙසයි.

“පසුගිය වසරේ විනාශකාරී සමයෙන් පසු පුළුල් ලෙස ඉහළ ගිය ගිනි අනතුරක් අප දුටු පළමු අවස්ථාව මෙයයි ” ඔහු පැවසීය.

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ