නිරූපිකාවන් ගැන කතා කරන විට මතකයට එන්නේ ‘සිහින් / කෙට්ටු‘ යන අදහසයි. මේ ගැන කියන විට බටහිර කියන්නේ ‘නිරූපිකාවක් කැරට් අල දෙකකට හා තක්කාලි ගෙඩියකට වඩා බරින් යුක්ත නොවිය යුතු බවයි.
ලෝකය පුරා විලාසිතා නිරූපිකාවන් බහුතරයක් කැරට් අල දෙකකට වඩා, තක්කාලි ගෙඩියකට වඩා බර නොවන විට ඊට වඩා බොහෝ බරින් වැටි වට්ටක්කා ප්‍රමාණයේ නිරූපිකාවන් ද අද ගෝලීය නිරූපන ක්ෂේත්‍රය තුළ ඉහළ ඉල්ලුමක් හා පිළිගැනීමක් තිබෙනවා. වර්තමාන ලෝකයේ කාන්තාවන් අති බහුතරයක් ‘‘ප්ලස්‘ ප්‍රමාණයේ සිටීම ඊට හේතුව විය හැකියි.
ඒ නිසා ම අද ‘plus size නිරූපිකාවන්‘ ද විලාසිතා ලෝකයේ සුපිරි තරු බවට පත්ව සිටිනවා. මේ ගැන ප්‍රවීන විලාසිතා නිර්මාණ ශිල්පියෙක් මෙසේ සදහන් කර තිබෙනවා.
‘plus size නිරුපිකාවන් ආකෘති නිර්මාණය වඩාත් යථාර්ථවාදී දෙයක් බවට පත් කරයි, එහිදී යමෙකුට එම ඇඳුම් කැබැල්ල පෙන්වන ආකෘතිය වැනි ශරීරයක් ඇති බව ඔබට සිතාගත හැකිය. තම සිරුර වක්‍රාකාර වී තිබීමේ කිසිදු වරදක් නොමැති බව ලොව පුරා සිටින කාන්තාවන්ට තේරුම් ගැනීමට එය උපකාරී වේ‘
මේ කතාව ඇත්ත කියලා අපිට ලංකාව දෙස බැලූ විටත් පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා අපි අද තීරණය කළා ජාත්‍යන්තර තලයේ ඉහළින්ම සිටින plus size modelsලා 10 දෙනෙක් ගැන ඔබට කියා දෙන්න.

10. බාර්බි ෆෙරෙයිරා Barbie Ferreira – බාර්බි කියන්නේ හරිම සුන්දර වගේම කඩවසම් ගැහැණු ළමයෙක්. ඇය තමා ගැන, තම සිරුර ගැන ආඩම්බර වෙනවා. ඇය සිය ඡායාරූප නිතර නිතර Instagram හි පළ කරන නිසා අපට ඉතා විශ්වාසවන්ත හා ආකර්ශනීය කාන්තාවක් බව පෙනෙනවා.

9. නාඩියා අබුල්හෝස්න් Nadia Aboulhosn – නාඩියා බ්ලොග් කරුවෙකු ලෙස සිය වෘත්තීය ආරම්භ කර ඇති නමුත් මේ වන විට නිරූපණ ක්ෂේත්‍රයට පිවිස තිබෙනවා. ඇය සඟරා රාශියක (Vogue, Complex, America Apparel, …) මුල් පිටුව සැරසීමට ඇයට අවස්ථාව උදා වුණා. ඇය සිය ශරීර ධනාත්මකව වෘත්තියක් කර ඇති අතර එය ඇය වැනි කාන්තාවන් දහස් ගණනකට ධෛර්යයක් වී තිබෙනවා.

8. ටාරා ලින් Tara Lynn – ටාරා අද ජාත්‍යන්තර තලයේ නිරූපිකාවක්. ඒ වගේම සුපිරි සගරා රැසක කවරය ඇය වෙනුවෙන් බොහෝ වාර ගණනක් වෙන්ව තිබෙනවා.එහෙත් ඇය මේ ගමන ආවේ මල් මතින් නෙමෙයි. ඇය තම ශරීරය නිසා ලැජ්ජාව සහ හිරිහැර කිරීම් බොහොමයක් විඳදරාගෙන තිබෙනවා. නමුත් මෙම ඍණාත්මක බව ජයගෙන ඇය අද ජයග්‍රහණය කරා පැමිණ තිබෙනවා. ඇයත් ප්ලස් කාන්තාවන්ට ශක්තියක්.

7. Precious Lee – ඇට්ලන්ටා හි උපත ලද සහ හැදී වැඩුණු ඇය ප්‍රකට ක්‍රීඩා සගරාවක් වන Sports illustrated බිකිනි දැන්වීමක නිරූපිකාවක් ලෙස පෙනී සිටියා. මේ වන විට ඇය Lane Bryant වෙනුවෙන් පෙනී සිටිනවා. ඇය ඇගේ ශරීරය ගැන සුළු වශයෙන්වත් ලැජ්ජා නොවන අතර ඇගේ සිරුර ගැන ආඩම්බර වෙනවා.

6. සෆී කරීනා Saffi Karina – size 10 ප්‍රමාණය නියෝජනය කරන ඇය සිරුරේ ප්‍රමාණය නිසා ආරම්භයේ අපමණ පීඩාවට ලක්ව තිබෙනවා. නිරූපණ ආයතන ගණනාවක් ඇයව ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් ඇය එම ප්‍රතික්ෂේප කිරීම අභියස හිස ඔසවාගෙන සිටිනවා. ඇය දැන් වැඩමුළු පවත්වන්නේ කාන්තාවන්ට නිරූපණ ව්‍යාපාරයට පිවිසීමට උපකාර කිරීම සඳහායි.

5. රොබින් ලෝලි Robyn Lawley – මෙම ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාව විලාසිතා ලෝකයේ ජනප්‍රිය හා බලවත් සඟරා සියල්ලම ආවරණය කර තිබෙනවා. ඒ අතර Vogue, ELLE, Cosmopolitan ඉදිරියෙන්ම තිබෙනවා. Ralph Lauren campaign හි නිරත වූ පළමු ප්ලස් ප්‍රමාණයේ නිරූපිකාව ලෙස ඇය බොහෝ කීර්තිය ලබා ගත්තා.

4. ෆිලෝමිනා ක්වාඕ Philomena Kwao – ලස්සන කළු කාන්තාවන් බියොන්සේ සහ රිහානා යන මග ෆිලෝමේනා යමින් සිටිනවා.

3. ජෙනී රන්ක් Jennie Runk – රන්ක් වයස අවුරුදු 13 දී නිරූපණ ලෝකයට පැමිණියත් පසුව ඇය plus size නිරූපිකාවක් බවට පත් වුණා. ඇය ලෝ ප්‍රකට H&M’s swimwear ad campaign සදහා සිය දායකත්වය ලබාදී තිබෙනවා.

2. කැන්ඩිස් හෆින් Candice Huffine – කැන්ඩිස් තවමත් උසස් අධ්‍යාපනය ලබනවා. ඇය නව යොවුන් වියේ සිට නිරූපිකාවක් ලෙස කටයුතු කළ නමුත් එක් සමාගමක් හැර අනෙක් සියලුම සමාගම් විසින් ඇය ප්‍රතික්ෂේප කළා. මේ අතර ඇයට plus size modeling කොන්ත්‍රාත්තුවක් ලැබුණත් ඒ වන විට එය කුමක්දැයි ඇයට කිසිම අදහසක් තිබුණේ නැහැ. නමුත් අද ඇය එහි පුරෝගාමියෙකු බවට පත්ව සිටිනවා.

1. ඈෂ්ලි ග්‍රැහැම් Ashley Graham – Sports Illustrated සගරාවේ කවරය සැරසූ පළමු ප්ලස් ප්‍රමාණයේ නිරූපිකාව ඇය වූ අතර එය ඇයට සහ පොදුවේ ප්ලස් ප්‍රමාණයේ ආකෘති සඳහා විශාල ජයග්‍රහණයක් ලෙස සලකනවා. ඇය තමන්ගේම යට ඇඳුම් එකතුවක් ද නිර්මාණය කර ඇති අතර ඇය තවමත් තනිකඩයි!
සැකසුම – තුෂාධවි