2020 නොවැම්බර් මාසයේදී වෙළෙද හිගය 2019 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 198කින් අඩු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.
එහි දැක්වෙන්නේ 2019 නොවැම්බර් මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 762ක් වූ වෙළෙද හිගය 2020 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 565ක් දක්වා ඩොලර් මිලියන 198කින් අඩුවිය.
මේ සදහා හේතු වූයේ අපනයන ආදායම අභිබවා ආනයන වියදම් විශාල වශයෙන් අඩුවීම බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරන්නේ.
අපනයන ඉපැයීම් පහත වැටීම හමුවේ වුව ද, 2020 වසරේ නොවැම්බර් මාසයේ දී අඩු වෙළඳ හිඟයක් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල සැලකිය යුතු වැඩි වීමක් ද ඇතුළු ව විදේශීය අංශයේ ධනාත්මක ප්රවණතා ගණනාවක් දක්නට ලැබිණි.
අත්‍යවශ්‍ය නො වන ආනයන සඳහා වන සීමාවන් අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම සහ ගෝලීය වෙෙළඳපොළෙහි තෙල් මිල ගණන් අඩු මට්ටමක පැවතීම හේතුවෙන් භාණ්ඩ ආනයන අඛණ්ඩ ව පහත වැටුණි.
කොවිඩ්-19 වසංගතයේ දෙවන රැල්ලත් සමඟ දේශීය නිෂ්පාදන ක්‍රියාවලියට ඇති වූ බාධා හේතුවෙන් පෙර මාසවලට සාපේක්ෂ ව නොවැම්බර් මාසයේ දී භාණ්ඩ අපනයනයේ සැලකිය යුතු අඩුවීමක් සිදු විය.
විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ නොවැම්බර් මාසයේ දී ද අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළේ ය. මූල්‍ය ගිණුම සැලකීමේ දී, 2020 වසරේ නොවැම්බර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙෙළඳපොළෙහි සහ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන සුළු ශුද්ධ ගෙවීම් වාර්තා කළේ ය.
2020 වසරේ නොවැම්බර් මස අවසන් වන විට දළ නිල සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6ක් වූ අතර, 2020 වසරේ නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව සුළු වශයෙන් අවප්‍රමාණය විය.