‘ලිංගිකත්වය’ ගැන ලංකාවේ ප්‍රමාණවත් තරම් නොවෙයි කිසිම සංවාදයක් නැහැ. ඒ නිසා අපේ බහුතරයකගේ පවුල් ජීවිත ‘විඳිනවා’ නොව ‘විඳවන’ ඒවා බවට පත්වෙලා තිබෙනවා.
බොහෝ දෙනෙක් මේ තත්ත්වයෙන් ගොඩඑන්න උත්සාහා කරනවා. ඒත් ඒක පහසු නෑ. මොකද ‘ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම තමයි ගොඩට ආ යුත්තේ. අනික් අතට විද්‍යාත්මක උපදේශනයක් හෝ උපදෙසක් ගන්න පුළුවන් ආයතන හෝ සායනික ව්‍යුහයකුත් ලංකාවේ නැහැ.
සමීපතමයින් එක්ක මෙවැනි දේ ගැන කතා කරන එක ‘නැති ලෙඩ දා ගැනීමක්’ නැතිනම් ‘ඉල්ලන් කෑමක්’ බවට පත් වෙන්න පුළුවන්.
ඉතිං, අපි මේ තරම් වැල්වටාරම් ලිවුවේ වැදගත් කරුණක් ගැන ඔබේ අවධානය යොමු කරන්න. ඒ අද විවාහක යුවළයන් බහුතරයක් මුහුණ දෙන සුලභ ගැටලුවක් ගැන විද්‍යාත්මකව ඔබව දැනුවත් කරන්න.
ප්රශ්නය තමයි ‘ඔබ දෙදෙනා අතර ප්‍රමාණවත් ලිංගික සම්බන්ධකම් නොමැතිද? පිළිතුර ‘ඔව්’ නම් ඊට විද්‍යාත්මක විසඳුමක් අපි සොයා ගනිමු.
”සබඳතාවල සමීපභාවය චිත්තවේගීය, ශාරීරික හා අධ්‍යාත්මික වශයෙන් පරාසයක පවතී. ඔව්, මේ සියල්ලම ඔබගේ අනෙකා සමඟ ඇති බැඳීම ශක්තිමත් කිරීමට දායක වේ.
විෂයයන් හෝ ඔබ සැලකිලිමත් වන කාරණා පිළිබඳව ඔබේ සහකරු සමඟ එකම අදහසක් හෝ රුචියක් තිබීම සෑම යුවළකටම කළ නොහැකි විය හැකිය.
ශාරීරික සමීපතාවය ඔබට ගොඩනගා ගත හැකි දෙයකි. ඔබේ සම්බන්ධතාවයේ ප්‍රමාණවත් ලිංගික සම්බන්ධයක් නොමැති බව ඔබ දුටුවහොත් (හේතුව කුමක් වුවත්) ඔබ එය වහාම විසඳා ගත යුතුය.
මේ ගැටලූව, නැතහොත් අභියෝගය විසඳා ගැනී සඳහා අනුගමනය කළ හැකි ‘පිළිගත්’ ක්‍රමවේදයන් ගැන දැන් අපි විමසා බලමු.
1. ගැටලුව කුමක්දැයි සොයා බලන්න
වැදගත්ම කරුණ සන්නිවේදනයයි. ඔහු සමග ගැටලුව ගැන කතා කරන්න – කතා කරන්න – කතා කරන්න. ඔව්, මෙය භයානක ලෙස පුනරාවර්තනය වන බවක් පෙනෙන්නට තිබුණත් එය ඕනෑම සම්බන්ධතා ගැටලුවක පළමු පියවරයි. ජෝඩු දීර්ඝ කාලයක් ලිංගිකව හැසිරෙන්නේ නැති බව බොහෝ විට (බොහෝ විට) සිතිය හැකිය.
ඔබේ සම්බන්ධතාවය එයට ගොදුරක් නම්, ඔබ ගැටලුවේ මුල සොයා ගැනීමට වග බලා ගන්න. සිදුවන්නේ කුමක්ද යන්න ගැන ඔබේ සහකරුගෙන් විමසන්න. ඔහු හෝ ඇය එවැනි පියවරක් ගැනීමට හේතු වුණ ‘සත්‍ය’ කරුණු මොනවාදැයි වහාම විමසා දැන ගන්න. ඒ හා සමානව, ඔබේ ප්රතිචාරයන් / ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්නේ ඔබ නම්, ඔබට කරදර වන දේ ගැන ස්වයං විචාරයක් කරන්න. එකට විසඳුමකට එන්න.
2. නව ප්‍රදේශයක් උත්සාහ කරන්න
‘හැමදාම කන විට පැණි වුණත් තිත්ත වෙනවා’ ‘නිතර දකින කුකුළගේ කරමළය සුදුයි’ ආදි කතා අප අතර තිබේ. මෙය ලිංගික ජීවිතය හා සම්බන්ධයෙන් විශේෂයෙන් අදාළය.
ඔබ දෙදෙනා දීර්ඝ කාලයක් අනුගමනය කළේ ‘එකම පියවරක්’ නම් දැන් එය නීරස වීමට ඇති අවකාශය වැඩිය. ඒ නිසා නව ආකෘතියකට, ප්රවේශයකට නැඹුරු වන්න. (නමුත් සමස්ත ක්‍රියාව මුළුමනින්ම නතර නොකරන්න!).
ඔබ ඇඳේ අළුත් හෝ වික්‍රමාන්විත දෙයක් කිරීමට උත්සාහ කිරීමට පෙර සාකච්ඡා කරන්න. මෙම කාරණා සම්බන්ධයෙන් ඔබ සහ ඔබේ සහකාරිය එකම මතයක සිටීම අතිශයින්ම වැදගත්ය.
කියවන්න … නැතිනම් ටයිප් කරන්න!
සමහර විට, ඔබේ සහකරු සමඟ ආදරය කිරීම ඔබව එතරම් හෝ අනෙක් අතට පොළඹවන්නේ නැත. නිතිපතා ලිංගික තෘප්තිය ඔබව සතුටට පත් නොකරන්නේ නම්, ඔබ ඔහු සමග කායික නොවන තෘප්තියක් සොයා යා යුතුය. එය ආදරණීය වනවා පමණක් නොව ඔබ දෙදෙනා අතර සම්බන්ධය යළි අලුත්වැඩියා කිරීමට ද නිසැකව හේතු වනවා ඇත.
ඒ නිසා ඔබේ ආදරණීය හැඟීම් හා දැනීම් ඔහුට කියන්න. ඒ සඳහා අද සුලභ ප්රවේශයන් රැසක් ඇත. ඒ තෘප්තිමත් මතකයන් යළි අකුරු බවට පත්කර ඔහුව ඒ අතීත සුන්දරත්වය වෙත කැඳවා ගන්න. පැරණි ආභාෂය නැවත ගෙන ඒම නව ඒවාට වඩා විශාල අරුමපුදුම දේ කරයි. ඔබ දෙදෙනාටම හොඳින් වැඩ කළ පැරණි ක්‍රම සහ ශිල්පීය ක්‍රම වෙත යොමුවන්න.
කාලය වෙන් කරන්න
හුදෙක් සන්නිවේදනයකින් හෝ සංවාදයකින් ගැටළු විසඳිය නොහැකි නම්, ඔබට දැකීමට වඩා ගැඹුරු යමක් තිබිය හැකිය. අනෙක් සියල්ල අසමත් වුවහොත්, යම් කාලයක් වෙන් කර ගැනීමට උත්සාහ කරන්න. ඔහු උනන්දුවක් දක්වන දේවල් වලට සම්බන්ධ වන්න.
කෙසේ වෙතත් ඔබ සහ ඔබේ සහකරු / සහකාරිය දන්නා ඔබේ මිතුරන් හෝ සම වයසේ මිතුරන් සමඟ කතා කරන්න, ඔබේ තීරණ ඔවුන්ගේ මත පදනම් නොකරන්න. තුන්වන පුද්ගල දෘෂ්ටිකෝණයක් තිබීම සැමවිටම හොඳයි. තීරණයක් ගැනීමට ඔබට තවමත් අපහසු නම්, කරුණාකර මෙවැනි දේ සඳහා වන විශේෂඥ උපදේශකයෙකු හමුවී විවෘතව කතා කරන්න.
ජීවිතය ඇත්තේ ‘විඳවීමට නොව ‘විඳීමට බව’ සැම විටම මතකයට නගා ගන්න.
FEMINA ඇසුරිණි – සකස් කළේ – තුෂාධවි